Chapter 34

477 52 5
                                    

දෙයියනේ මේ කොල්ලා...

තේහ්යුන් උඩට දුවගෙන ආවම දැක්කෙ , අම්මගෙ සොහොන උඩම ජන්කුක් නිදාගෙන ඉන්න විදිය... ඒක දැක්කාම නම් තේහ්යුන්ගෙ ඇස් වලට කඳුලු පිරුණෙ , අම්මා කෙනෙක් නැති අඩුව දරුවෙක්ගෙ හිතට කොච්චර නම් වේදනාවක්ද කියල හිතන ගමන්..

බර හුස්මක් පහල හෙලපු තේහ්යුන් ජන්කුක්වත් උස්සගෙන පහලට බැස්සෙ හෙට වෙද්දි මේ කොල්ලට අනිවාර්යෙන්ම උණ හැදෙන බව තේරෙද්දි..

ඒ නිසාම ඉක්මණින්ම එයාල වෙනුවෙන් වෙන් කරපු හොටෙල් එකට නැතුව , එයාගෙ අපාර්ට්මන්ට් එකටම ආවෙ එතන මේ පොඩි කොල්ලට ටිකක් හරි පුරුදු තැනක් වුණ නිසාමයි..

අපාර්ට්මන්ට් එකට එනකම් වත් ඇහැරුණේ නැති ජන්කුක් හීනියට කෙඳිරි ගාන නිසා නලලට අත තියල බැලුවම තේහ්යුන්ගෙ සැකේ හරි කියල තේරුණේ ඒ වෙනකොටත් කොල්ලගෙ ඔලුව හොඳටම රත් වෙලා තිබුණ නිසා...
තේහ්යුන් ඇඳුම මාරු කරන්නත් කලින්ම , ජන්කුක් ව උණු වතුරෙන් හෝදවලා , එයාගෙ ලොකු ටීෂර්ට් එකක් ඇන්දවල ඇදෙන් තිබ්බෙ , අඩ නින්දෙ ඉන්න කොල්ලට පේන්කිලර්ස් දෙකකුත් පොවලා, නලල උඩින් තෙත රෙදි කෑල්ලකුත් තියල...

ඇග සෝදවද්දි අඩ නින්දෙ හිටිය කුකීට නින්ද යනකම්ම ඔලුව අතගගා හිටිය තේහ්යුන් වොෂ් එකක් දාගෙන ඇදුමකුත් දාගෙන කුකී ලගට එනකොට කුකීට හොදටම නින්ද ගිහින්...

කාමරේ ලයිට් එකත් ඕෆ් කරල ටේබල් ලෑම්ප් එක විතරක් එහෙමම තියපු තේහ්යුන් ජන්කුක් ලගින්ම ඇඳෙන් හාන්සි වුණේ කුකීගෙ ඔලුව අතගාන ගමන්...

හා පැටියෙක් වගේ නිදාගෙන ඉන්න ලස්සන.. මුල් දවස් වල මට ඔයාව මුණගැහුනම නම් මම හිතුවෙම නාහෙට අහන්නැති මහ විකාර කොල්ලෙක් කියල.. ඇත්තමයි කුකී ඔයා අඳින ඇදුම් පැලදුම් වල විදියටයි , හැසිරුණ විදියටයි මම හිතුවෙම ඔයා මහ හිතුවක්කාර නසරාණියෙක් කියල.. ඔව් උබ හිතුවක්කාර නැත්තෙම නෑ...
ඒත් ඒ විදියට ලෝකෙට පෙන්නගෙන හිටියත්, ඒ කොල්ල ඇතුලෙ හිටිය අහිංසකයව මගෙ ඉස්සරහ ඉන්නව දැක්කම ඇත්තමයි මම පුදුම වුණා...
මේ කොල්ලමද මට මුලදි මුණගැහුනෙ කියල...මට දැන් තේරෙනව මැණික , උබ කොයිතරම් දුකක් හිතේ තියාගෙනද මේ හැමදේම දරන් ඉන්නෙ කියල... අද ඒ හැමදේම මට තේරුණා.. ඉතින් මට කියපන්කො බං , මම උබට ආදරේ කරන එක වැරදිද? ... ම්ම්ම් මේ හැමදේම වැරදිද? මම මේ අහිංසක උබේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරනව වගේද? .. මගෙ ඇස් එක්ක උබෙ ඔය බෝල ඇස් දෙක ගැටෙන වෙලාවට මට ඒ ඇස් අස්සෙන් පේන දේ මම තේරුම් අරන් ඉන්නෙ වැරදියටද....? මේ දැනෙන දේ මොකක්ද කියල තේරුම් ගන්න බැරුව මම හරිම අසරණයි මගෙ කොල්ලො..! ...

Contract Marriage ♡ |• Taekook •| ♡   (On Hold) Where stories live. Discover now