කවුරුහරි සනීපෙට ඔලුව අතගානවා දැනුන නිසා මං හිමින් ඇස් දෙක ඇරලා බලද්දි මගෙ එහාපැත්තෙන් ඇඳේ ඉදගෙන හිටියෙ අපෙ අයියා.. එයා ගෙදර ඇවිල්ලද එතකොට දැන් වෙලාව කීයද.. ආදිත්‍ය අයියා එයා ගිහින්ද ඒ කියන්නෙ..
" බබා මොකද උනේ මැණික.. ගොඩක් අමාරුද මං බය උනා ළමයෝ.. මොකද එකපාරටම උණ ගත්තෙ.. "
" දැන් අමාරුවක් නෑ අයියේ.. ඊයේ වැස්සෙ තෙමුණ නිසාද දන්නෙ නෑ.. "
" ආදිත්‍ය එකපාරටම කෝල් කරහම මට හිතාගන්න බැරි උනා උදේ හොදට හිටිය එකාට මොකද්ද උනේ කියලා.. "
" දැන් ප්‍රශ්නයක් නෑනෙ අයියෙ.. අයියා අම්මලට කිව්වෙ නෑනේ.. "
" නෑ නෑ මං කිව්වෙ නෑ.. පව්නෙ එයාලත් බය වෙනවනෙ නැත්නම්.. "
" ඕ ඒක තමයි.. කොයි එතකොට ආදි අයියා.. "
" අහ්ම් මේ එයා දැන් ටිකකට කලින් ගියේ.. "
" ඕහ් එහෙමද.. "
" එන්නකො අපි සුප් ටිකක් බීලා ඉමු මං සුප් හැදුවා.. "
" අනේ අයියෙ බොන්න බෑනේ කට තිත්තයි මගෙ ම්හ්ක්.. "
" එහෙම කියලා බෑනෙ බබා චුට්ටක් බොමු හොදේ ඉන්නකො මං අරගෙන එන්නම්.. ශේනුත් එනවා කිව්වා.. "
" අනේඒඒඒඒ මට බොන්න බෑආආආඅ.. "
ම්හ්ක් හරි නරකයි අප්පා මට කන්නත් බෑ බොන්නත් බෑ.. හැබැයි අයියා පවූ එයා ගෙදර ඇවිල්ලා මට කන්න බැරි නිසාද කොහෙද සුප් එකකුත් හදලා.. අර මිනිහත් ගිහිල්ලනෙ පුහ් මරු ලෙඩ්ඩු බලාගන්න හිටිය එකා.. දුස්ට ගාමිණි.. ශේනුවත් එනවලුනෙ ඒ කියන්නෙ දිලුමත් එයි.. අරයත් එයිද දම්නෑ නේද.. යාහ් ඇයි දැන් මං එයා එනකම් බලන් ඉන්නෙ පිස්සුද නැත්නම් හැටිද.. අනේ මටෝන්නෑ ඒසිකයා..
උඩු අතට හැරිලා ශීට් එකත් බෙල්ල ලගටම ඇදගෙන කල්පනා කර කර හිටිය මං දැක්කෙ දොර රෙද්ද ඈත් කරගෙන සුප් බෝල් එකකුත් අරගෙන ඇතුළට එන අපෙ අයියා නෙවෙයි අනේ අම්මේහ්හ්හ්හ් ඒ ආදිත්‍ය අයියා වුට්ටෝ.. මොන මගුලක්ද මේ යන යන තැන මේකා එන්නෙ.. මං ඇස් දෙක තද කල්ලා පියාගෙන බෙඩ් ශීට් එක අත් වලට මිරිකගෙන හිටිය විදිහටම හිටියා..
YOU ARE READING
දේදුනු හාදු ❤ [Taekook] On Going
Non-Fictionඔය නෙතු හමුවන තුරු පාර දිහා බලමින් තව වෙහෙසයි දෑසට මා කිමදෝ පමා වූ ඒ කාරණා.. මගෙ සතුටකදී නුඹ පාන සිනා ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා සිතුවිලි මැද කිමිද මා භාවනා..