[විසි දෙවනි කොටස]

135 34 52
                                    

මං ගෙදරට යද්දි අයියා හිටියේ කෝල් එහෙක නිසා එයාට කතාවත් නොකර මං කෙලින්ම කාමරේට ආවා.. සපත්තු දෙක ගලවලා දාලා රැක් එකෙන් තියලා යුනිෆෝම් එකත් ගලවලා තුවාය ඇදගෙන ආයෙම සාලෙට ගියේ අයියා කෝල් එක ඉවර කරලා ඇති කියලා හිතුන නිසා.. මං ගිහින් අයියට කතා කරහම අයියා බයවෙලා වගේ මගෙ දිහා බැලුවේ එයාට පේන්නෙ නැතුව හරියට ගෙට ආවා වගේ..

" අයියේ.. "

" ඕහ්හ්.. පොඩ්..ඩො.. ඔයා ආවද.. මම දැක්කෙ නෑනේ ළමයෝ.. "

" මේ මාව දැක්කෙ නෑ ඔයාගෙ ඉස්සරහින් ගියපු.. "

" ඒකනේ අනේ ඉතින් මං හිටියේ කෝල් එහෙකනෙ.. "

" හුම්ම්.. ඇයි අයියේ බය වෙලා වගේ.. මොකක් හරි ප්‍රශ්නයක්ද.. "

සෝෆා එකේ ඉදගෙන හිටිය අයියගෙ මූණෙන් පෙනුනෙ හුගක් මහන්සි පාටක් වගේම එයා හිටියේ වෙන ලෝකෙක කියන්න මට හොදට තේරුන නිසාම මං එයාගෙන් ඇහුවා මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා..

" ඔයාගෙ අප්පච්චි කතා කලේ පොඩී.. එයා කියනවා ඔයාට ඉක්මනට ගමේ එන්න කියලා.. "

" මොකක්.. ඒ ඇයි ඒ එකපාරටම.. "

" මන්දා මටත් හිතාගන්න බෑ.. "

" අනේ අයියේ අප්පච්චිට ආරංචි වෙලාවත්ද මං ක්‍රිකට් ප්ලේ කරනවයි කියලා ආයෙම.. "

" මං නම් හිතන්නෙ නෑ පොඩී මොකද ඒක ගැන දන්නෙ අපි පස් දෙනා විතරයි නේ.. "

" ඒත් එයාට කොහෙන්ම හරි පොඩියට හරි ආරංචි වෙලා නම්.. අනේ අයියේ මට බයයි.. "

" ශ්.. බය නොවී ඉන්නකො හොදේ.. මමත් එනවනෙ ගමේ යන්න.. අපි ගිහින්ම බලමුකො.. "

" හ්ම්ම්.. "

කොහොමත් ගමේ යන්න වෙන්නෙ ස්පෝට්මීට් එක ඉවර උනහම.. මට ඒ වැඩ අතරමග දාලා ගමේ යන්න බෑ එහෙම උනොත් අපේ හවුස් එකේ උන් අනාත වෙනවා.. බස් එහෙක යන මගදි හරි ආදිත්‍ය අයියත් එක්ක යන ඒවා ආරංචි වෙලාද දන්නෙ නෑ කියලා හිතෙනකොට නම් මට ඇඩුනා.. අයියා මාව තුරුල් කරගෙන ඔලුව අතගෑවා උනත් මගෙ පපුවෙ මහ ගින්දරක් පත්තු උනා..

" පොඩ්ඩො ගිහින් වොශ් එකක් දාගෙන එන්නකො මං කෑම බෙදන්නම්.. මහන්සිත් ඇතිනේ.. "

දේදුනු හාදු ❤ [Taekook] On Going Where stories live. Discover now