[දහ හතරවන කොටස]

225 49 25
                                    

සුදුබෝලේ ගියාට පස්සෙ මං අම්මා දිහා හරි අසරණ විදිහට බැලුවේ අම්මා දැනටමත් හිනා වෙන නිසා.. යකෝහ් යාලුවෙන්න කලින් මෙහෙම නම් යාලු උනාට පස්සෙ මට දෙයියන්ගෙම පිහිටයි නේ.. ස්කෝලෙ ඉන්න උන් දැක්කනම් මට පුපෙන් හිනා වෙන්නෙ පුපෙන් පොඩි එකෙක්ගෙ කටට බය වෙනවයි කියලා.. නමුත් මට දැන් පෙනී යන ආකාරයට නොබෝ දිනකින් ***** ස්කෝලෙ හෙඩ් ප්‍රිෆෙක්ට් ආදිත්‍ය අයියා දොළහා වසරෙ ඉන්න මිහිනුට බයයි කියලා දැනගන්නවා.. මම ස්කෝලෙට 6.45/ 7.00 වෙද්දිම යන්න ඕනනිසා අම්මටත් වැඳලා පාරට ඇවිල්ලා ඇවිදගෙන එද්දි මං දැක්කා තිසුක අයියලගෙ ගෙදර දොර වහලා තියෙනවා ඒ කියන්නෙ එයාලා අනිවාර්යයෙන්ම ගිහින්.. මමත් භාගයක් දුවගෙන ඉතුරු ටික හයියෙන් ඇවිදගෙන කලර් ලයිට් එකෙන් පාරත් පැනලා බස් එක එනකම් හිටගෙන ඉන්න තුන්දෙනා ලගට ගියා.. ලගට එනකම්ම පොඩි උන් දෙන්නා නෙවෙයි මාව දැක්කේ උන් දෙන්නා ලෝකෙ අල්ලන්න වගේ විශාල කයියක්.. මං එතනට යනවත් එක්කම වගේ 120 බස් එකක් ආවා.. මුලින්ම පොඩී ඊටපස්සෙ තිසුක අයියා ඊටපස්සෙ මිහිනු ඊටපස්සෙ මම පිලිවෙලට බස් එකට නැග්ගා.. ඉදගෙන යන්න ඉඩ තිබුනෙ නෑ යන්න උනේ හිටගෙන බස් එක අද්දනකොට මිහිනුට බැලන්ස් නැතුව වැටෙන්න යද්දි මං එයාව එයාගෙ බෑග් එකෙන් ඇදලා අරගෙන හරියට හිටෙව්වා.. ඒ අස්සෙ තිසුක අයියා යන්න ඕනෙ බස් එක ටිකට් ගන්නෙ කොහේටද ඒවා ගැන කියනවා මං ඉතින් සුපුරුදු පරිදු සුදුබෝලේ දිහා බලාගෙන හිටියා..

මිහිනු අයියා එක්ක කතා කරලා ඉවර වෙලා ආයෙම එයා ඉස්සරහා බලාගනිද්දි මගෙ කටකොනට හිනාවක් ගියා.. එයා දැක්කා මං එයා දිහා බලන් ඉන්නෙ කියලා.. උදේම නිසා බස් එකේ ගොඩක්ම ඉන්නෙ ස්කෝලෙ යන ලමයි වෙද්දි සමහරක් අය නිදි සමහරක් අය පොත් බලනවා එහෙමත් නැති අය අහක බලාගෙන යනවා.. මෙච්චර වෙලාම මනෝපාරක හිටිය මාව ගැස්සිලා ගියෙ එකපාරටම ගහපු බ්‍රේක් එකක් නිසා.. මිහිනුව විසික් වෙලා යන්න හදද්දි එයාව ඇදලා අරගෙන මගෙ ඉස්සරහින් හිට්ටවගත්තෙ එයාව මගෙ ඇඟට හිරකරගෙන.. හරියටම ඒක බැක් හග් එකක් වගේ.. මගෙ නහර පිරුනු අත් ශීට් එක දෙපැත්තෙ යකඩ පොලු දෙකේ තදවෙද්දි එයා හිටියෙ හූනෙක් වගේ මගෙ ඇඟට ඇලිලා..

දේදුනු හාදු ❤ [Taekook] On Going Donde viven las historias. Descúbrelo ahora