හැට පස්වෙනි පරිච්ඡේදය

1.2K 133 126
                                    

ඔය විදිහට කාලෙ ගෙවිලා ගියා. අපි තැන් දෙකක හිටියත් ඒක හිතපු තරම්ම අවුල් උනේ නෑ මොකද අපි නිතරම මුණගැහුනා, ෆෝන් එකෙන් කතාකළා.. මට එයාව miss උනා තමයි.. එයාගෙ උණුසුම, එයාගෙ හාදු, එයාගෙ සිනිඳු කොණ්ඩෙ, එයාගෙ හිනාව.. මට පට්ට විදිහට miss උනා. ඒත් ඈතින් ඉද්දි ආදරේ වැඩිවෙනවදෝ කියලා මට හිතෙනවා.

එයා වෙනදා වගේම ගොඩක් බිසී ඒත් දැන් මටත් වඩා එයාටයි මාව නොදැක ඉන්න බැරි කියලා මට හිතෙනවා. මොකද නිවාඩුවක් ආපු ගමන් එයා කරන්නෙ මට එයත් එක්ක ඉන්න එන්න කියලා නාහෙන් අඬන එක. එයාට වැඩ දවස්වලට මං වැඩියෙ එයා බලන්න යන්නෙ නෑ. මොකද ඔෆිස් එකේ වැඩයි, ගෙදර වැඩයි, මගෙ වැඩයි ඔක්කොම එයාට හොඳටෝම වැඩි නිසා.

රිසල්ට් එන දවසත් ටික ටික ළංවෙනවා. ඒත් මං ගොඩක්ම ආසාවෙන් බලන් හිටියෙ එයාගෙ birthday එක එනකන්. එයා මීට කලින් එයාගෙ birthdays celebrate කරලා තිබ්බෙ නෑ. අපිත් එයාට විෂ්කරා ඇරෙන්න ඊටවඩා දෙයක් එයා වෙනුවෙන් කරලා නෑ. අයියා හැමවෙලාවකම කිව්වෙ දෙනුවා ඔය විකාර වැඩවලට කැමති නෑ කියලා. ඉතිං loversලා විදිහට අපි සමරන එයාගෙ පළවෙනි birthday එක මොන විදිහට සමරන්න ඕනිද කියලා මට කිසිම අදහසක් තිබ්බෙ නෑ. ඕනවට වඩා grand විදිහට කරොත් එයා අකමැති වෙයි.. ඒත් ඕනවට වඩා charming විදිහට කරොත් එයා ට දැනෙන්නෙ නැතිවෙයි කියලා මට හිතෙනවා..

කොහොමහරි සතියෙන් සතිය ගෙවිලා ගිහින් එයාගෙ උපන්දිනේ දවස ආවා.

අයියයි සමීරයි දෙන්නම ඇවිත් මට උදව්කළා. උන් දෙන්නා ගැන කතාකාරොත්.. සමීරය ග්‍රැජුවේට් වෙන්නෙ ලබන මාසෙ. ඊටපස්සෙ ඌ ගෙදරින් ගෙනාව proposal එක කෙළින්ම ප්‍රතික්ෂේප කරනවලු. රස්සාවක් සෙට් වෙච්ච ගමන් උගෙ sexuality එක ගැනත් ගෙදරට කියනවලු. ඔය කියන තරම් දේවල් ලේසි වෙයිද නම් දන්නෙ නෑ. කොහොමහරි අපේ අයියා ෂේප්. මාසයයි ඉවසන්නෙ කියකියා ඉන්නවා. මෙහෙමයි ඉතින් අලුයට ගිනිපුපුරු නැතුව නෙවේ. සමහරවෙලාවට අර කෙල්ල නිසා මුන් දෙන්නා ඇව්විලෙන වෙලාවලුත් තියනවා.

කොයිදේ කොහොම උනත් අපි හතරදෙනා ම එකට ඉන්නවා නේද කියන එක මට මාර සැනසීමක්.

"කෝ කේක් එක?"

"කාර් එකේ."

"කාර් එකේ තියලා හරියනවද අයියේ.. ඒක අරං එනවකො."

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now