09 . කොටස 🐯🐰

317 59 33
                                    

ඒ තරම්ම ආදරේයි ද - 09 කොටස

❤ ෴ 🐯🐰 ෴ ❤️

⸙..

⸙..

⸙..





හවස හතර වෙනකොට වගේ ලෑස්ති වුණ ජන්කූක් හංදියට ගියේ දොස්තරව හම්බෙන්න යන්න ඕනා නිසා ත්‍රිවිල් එකක් හොයාගෙන එන්න...ත්‍රිවිල් සේරම වගේ හයර් වලට පිටත් වෙලා තිබුණ නිසා ජන්කූක් හංදිය ගිහින් සැහෙන වෙලාවක් ඉන්න සිද්ධ උනා උන් ත්‍රිවිල් එකක් එනකම්...එහා පැත්තෙ තියෙන හංදියට සැලකිය යුතු දුරක් තියෙන නිසා එතනට ත්‍රිවිල් එකක් බලන්න ගියා උනත් ත්‍රිවිල් තිබුණේ නැතොත් ආපහු හැරිලා පයින් එන්න වෙන නිසා ජන්කූක් තවත් ටික වෙලාවක් එතනට වෙලා උන්නෙ හයර් එකට ගිය එක ත්‍රිවිල් එකක් වත් ඉක්මනට එයිද කියලා......







" ආා..ශ්..හ්..හදිසියට හයර් එකක් යන්න ත්‍රිවීල් එකක් නැනෙ අප්පා....."








හන්දියේ පෙළට ත්‍රිවිල් දහයටත් වඩා තිබ්බාත් ඕනා වෙලාවට හයර් එකක් යන්න ත්‍රිවිල් එකක් හොයාගන්න බැ හැමදාම...හවස් වෙලා තිබුණත් ගස් කොළං නැති පොළොවට වැටෙන අව්ව නිසා මුණ රතු වෙලා යද්දී කම්මුල් දිගේ ගලාගෙන ආ දාඩිය බිංදු ඇඟිලිතුඩු වලින් පිහදාන ගමන් උන්න ජන්කූක්ට එවලේ තමා හිතුනෙ කාලෙකට කලින් විකුණලා දැම්ම බයික් එක තිබුණා නම් හොදයි කියලා...

තවත් විනාඩි දහයක් පහලොවක් ගෙවිලා යනකොට හයර් එකක් ගිහින් ආපහු ආව ත්‍රිවීල් එකෙ නැගලා නිවස ලගට ආවේ මව එක්කගෙන යන්න...ඒ එන අතරත් ජන්කූක් හිතුවේ ඉක්මනට බයික් එකක් අරගන්න ඕනා කියලා....බැරිවෙලාවත් අමාරැ ලෙඩක් හැදිලා තිබුණා නම් ත්‍රිවිල් එකක් එනකම් බලන් උන්න වෙලා⁣ව එක්ක තවත් මවට අමාරැ වෙනවා නේද කියන එක වගේම හදිස්සියේ ගමනක් යන්න ඕනා උනාම මෙහෙම රස්තියාදු වෙවී ත්‍රිවිල් හොය හොය ඉන්න ඕනෙ නැනෙ නේද කියන එක ජන්කූක් හිතුනා.....






" අම්මා යමු එන්න ත්‍රිවිල් එක ආවා...."

" ඉන්න එන්නම්....."






ගේට්ටුව ළඟින් ඇවිත් නතර කරපු ත්‍රිවිල් එකනේ බැහැලා නිවස ඇතුළට ආව ජන්කූක් කතා කරද්දී ඇදට වෙලා ඇලවෙලා උන්න කැමෙලි නැගිටලා හිමිට හිමිට කාමරෙන් එළියට ආවා... තවමත් ඇය ගතට ලොකු සහනයක් දැනෙන්නෙ නැ...ඔළුව තොන්තු වෙලා වගේ නිසා හිටගෙන ඉන්න හරි අමාරැයි...ඔළුව කොහොම හරි බිමකින් තියන්නම තමා ඇයට ඕනා...






ඒ තරම්ම ආදරේයි ද  / 𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊   (  o𝒏𝒈𝒐𝒊𝒏𝒈  )Where stories live. Discover now