🆄🅿🅲🅾🅼🅸🅽🅶

472 71 18
                                    

ᴜᴘᴄᴏᴍɪɴɢ ........ 👇 👇

🌹

🌹

🌹

" ජන්කූක්.....හ්......"

" ම්ම්...කියන්න....."








            ටේහ්‍යුන්ගෙ ගත රැදිලා තිබ්බ සැහැල්ලු ටී ෂර්ට් එකෙන් නිරාවරණය වෙලා තිබ්බ නිරැවත් ගෙල පාමුල අස්සටම මුණ හංග ගත්ත ජන්කූක් හීනි හඬින් කෙඳිරැවේ මේවලෙ කතා කරන එකත් කරදරයක් වගේ දැනෙනකොට...කතා කරන්න නෙමෙයි ඔහුට ඕනා මේ උණුහුම නිමාඩු පාඩුවේ විදින්න...
සැනසීමෙන්.....









" අපි ඉක්මනටම මැරි කරමු...හ්...."

" ඉක්මනට...ඒත් ඇයි......"










        ටේහ්‍යුන්ගෙ දිගු හීනි ඇඟිලිතුඩු ජන්කූක්ගේ ගෙල පාමුල දිගෙ ඇවිත් හිසකෙස් වල දැවටෙනකොට දැනෙන සනීපයත් කිතියත් නිසාම ජන්කූක් එහාට මෙහාට දැගලුවේ තවත් ඔහුගේ ගත ටේහ්‍යුන්ගෙ ගතට තද වෙද්දි....






" ඉක්මනට කියන්නෙ...තවත් කල් ඉන්න කියලාද කියන්නෙ...පිච්චි පිච්චි මේච්චර කල් බලන් උන්නා මදිද මම...ආාා...."









           වේදනාවට මුසු බර සුසුම් හඬක් එක්ක ටේහ්‍යුන්ගෙ මුවින් පිටවෙච්ච වචන වලට ඒ ගෙල පාමුල හැංගිලා තිබුණ මුණ උඩට ඉස්සුව ජන්කූක්ගේ දෙනෙත් සැනෙන් පැටලුණේ දුඹුරැපාට ගැඹුරැ ඒ දෙනෙත් වල...කාලයක් තිස්සෙ හිමිවෙයිද එහෙමත් නැත්තම් අහිමිවෙලා තවත් ඈතට යාවිද කියලා බලන් ඉන්න සිද්ධ උන්න වේදනාව දැනුත් හරි අපුරැවට ඒ දෙනෙත් අස්සෙ ලියවිලා...







" ඉතින්..හ්...ඒ බලන් උන්නාට මේ ලැබුණ දේ මදි ද....."







              ඒ දෙනෙත් දිහා බලාගෙනම ජන්කූක් ⁣මුමුණමින් වගේ අහනකොට ටේහ්‍යුන්ගෙ විසල් අතක් ඇවිත් පුංචි කම්මුල් වලට මැදි කරලා ඒ මුණ ලගට ලං කරගත්තෙ ජන්කූක්ගේ හදවතේ ගැස්ම තව තවත් වැඩි වෙද්දී...අගලක වගේ පරතරයක් තියෙන්⁣න ජන්කූක්ගේ මුණ තම මුණ ලගට ගත්ත ටේහ්‍යුන් තද කලුපාටට දිලිසෙන ඒ කලබල බෝල දෙනෙත් දිහා තප්පර දෙකක් තුනක්  බලන් උන්නා එකදු ඇහි පිල්ලක් වත් ගහන්නෙ නැතුවම....





" ඇති හොදටම ඇති...මේ දේ ලැබෙනකම් තමා මෙච්චර කල් මගේ හුස්ම වැටුණෙත්....."

" ටේහ්‍යු..න්...හ්......"

" ෂ්ෂ්......"





         කම්මුලට මැදිවෙලා තිබුණ විසල් අතෙ දිගු ඇඟිල්ලක් ⁣ජන්කූක්ගෙ දෙතොල් උඩින් නතර වෙලා ගියායින් ඔහු කියන්න ගිය වචන මුවඟ එකපාරම නැවතිලා ගියා....




" එපා තවත් කතා කරන්න...හ්...."

" එත්...මං ඔ...යා..හ්හ්හ්...."








    ඉතින් තව කොහෙ කතා කරන්නද ටේහ්‍යුන් රළු දෙතොල් ඇවිත් ජන්කූක්ගේ සිනිදු දෙතොල් පෙති වහගන්නකොට...
අඬඅදුරේ උනත් ඒ දිගැටි දෙනෙත් වල ඇදිලා තියෙන තරවටුව පැහැදිව දැක්ක ජන්කූක්ගේ දෙනෙත් ටිකෙන් ටික පියවෙලා ගියේ ටේහ්‍යුන්ගෙ පහසට ටිකෙන් ටික නතු වෙනකොට...

   

          අවුරැදු ගානක විදි වේදනාවන් හෙලපු සුසුම් වැල් ටිකෙන් ටික හිතෙන් පහව යනකොට හිතට දැනෙන සතුටත් සැනසීමත් එක්ක ජන්කූක්ගේ පියවෙලා ගිය දෙනෙත් දිහා බලාගෙනම ටේහ්‍යුන් මෘදු සිපගැන්ම ටිකෙන් ටික රළු ක⁣රේ ජන්කූක්ව ඔහුගේ ගතට තව ටිකක් හිරකරගෙන....


ඒ තරම්ම ආදරේයි ද   (  o𝒏𝒈𝒐𝒊𝒏𝒈  )Where stories live. Discover now