37 . කොටස 🐯🐰

446 86 39
                                    

ඒ තරම්ම ආදරේයි ද - 37 . කොටස

❤ ෴ 🐯🐰 ෴ ❤️

⸙..

⸙..

⸙..

අප්‍රේල් මාසෙත් ඉවර වෙන්න තව එක දවසයි තියෙන්නෙ...හෙට පළවෙනිදා...මේ වෙනකම් සුපුරැදු විදිහට දවස් ගෙවිලා යනකොට ජන්කූක ඔහුගේ දවස් ටේහ්‍යුන්ගෙ මතක එක්ක ඔහෙ ගෙවලා දැම්මේ මේ ගෙවිලා ගිය දවස් ගාන පුරාවට ඒ රැව මෙහොතකට වත් අහම්බෙන් හෝ දෙනෙත් වලට දකින්න ලැබුණේ නැතුව....

ටේහ්‍යුන් එක්ක කතා කරන්න අවස්ථාවක් අරගන්න...ඔහු ජිමින් නැතුව වෙනත් කෙනෙකු එක්ක සම්බන්ධයක ඉන්නවාද කියලාවත් හොයාගන්න ජන්කූක්ට අවස්ථාවක් ආවේ නැ ගෙවිලා ගිය දවස් ටික තරමක වැඩ වලට හිරවෙලා උන්න නිසා...හිතට ටේහ්‍යුන් ගැන හරි හමන් විස්තරයක් දැනගන්න නැතුව ජන්කූක්ගෙ මේ දවස් ගෙවිලා යන්නෙ සාංකාවෙන් වගේ....




" ළමයි...මට ටිකක් ඔයාලාගේ කාලෙන් පොඩි අවදානයක් දෙන්න...."







බැංකුවේ ගනුදෙනු සේරම නතර කරලා ඉවර උනාට පස්සෙ හවස වැඩ කර කර ඉන්නකොට මිස්ටර් කිම් ඇවිත් හැමෝටම ඇහෙන විදිහට ජන්කූක්ගේ මේසය කෙලින් ඉස්සරහට වෙන්න හිටගත්තෙ වැඩ කරන ගමන් උන්න හැමෝම මේස වලින් පුටුව පිටිපස්සට කරලා නැඟිටිනකොට....





" කැබින් එකට යන්න එන්න ගියාම ඔයාලාගේ වැඩ ටිකත් තව අතපසු වෙනවානෙ ඒක නිසා මං මෙතන ආවේ ඔයාලාට පණිවිඩයක් කියන්න...ජේහොප් ඇහෙනවා නේද ඔයාට මං කියන එක....."


" ඔව් මිස්ටර් කිම්....."







ටිකක් එහාට වෙන්න තිබුණ පොටෝකොෆි මැෂින් එක ළඟ හිටගෙන උන්න ජේහොප් දිහා බලලා මිස්ටර් කිම් අහනකොට ජේහොප් අත දික් කරලා ඇහෙනවා කියලා කිව්වාම මිස්ටර් කිම් ආයේම කතාව පටන් ගත්තා....







" මතකයි නේද ඔයාලාට අවුරැදු උත්සවයෙන් පස්සෙ අපි ට්‍රිප් එකක් යන්න අදහසක් තියෙනවා කියල කිව්වා...ඉතින් අපි දැන් ස්ථිරේටම තීරණය කරා ට්‍රිප් එක යනවා කියලි මොකද අවුරැදු උත්සවයත් කිසි අවුලක් නැතුව හැමෝම සහයෝගයෙන් කරානෙ...මොකද කියන්නෙ ඔයාලා කැමති නේද...."


ඒ තරම්ම ආදරේයි ද   (  o𝒏𝒈𝒐𝒊𝒏𝒈  )Where stories live. Discover now