14 . කොටස 🐯🐰

403 75 40
                                    

ඒ තරම්ම ආදරේයි ද - 14 කොටස

❤ ෴ 🐯🐰 ෴ ❤️

⸙..

⸙..

⸙..





" තමන් අකමැති කෙනෙක් ළඟ ඉන්නකොට ඒක හරි අපහසුවක්....."

" ඉතින් මට දැනෙන්නෙත් අන්න එහෙම...ඔයා ළඟ ඉන්නකොට මට මගේ හුස්ම හිරවෙනවා වගේ ⁣ෆීලින් එකක් එනවා..මං දන්නෙ නැ ඒ ඇයි කියලා...."









ඈත එකිනෙන ගැටෙන මුහුදු රළ දිහා බලාගෙන ඔහෙ කියවන ජන්කූක්ගෙ කතා නිසාම මෙතරම් වෙලාවක් හිර කරගෙන උන්න කඳුළක් ටේහ්‍යුන්ගෙ දෙනෙත් අඟින් පැනලා කම්මුල් දිගේ පහළට ගලාගෙන ආවා...ඉක්මනට උරහිස පැත්තට මුණ බර කරලා කම්මුල පිහදාගත්ත ටේ දෙතොල් ලේ එන තරමට තද කරලා හපාගත්තෙ හිත ඇතුළෙ දැනෙන වේදනාව දරාගන්න ඔහුට තෙරෙන්නෙ නැති හින්දා....













" ඔයාට හේතුවක් නැද්ද ජන්කූක් මාව මේතරම් අප්පිරියා හිතෙන්නෙ ඇයි කියන එකට....."










මිනිත්තු කිහිපයක් යනකම් ම ඔවුන් අතර තිබුණ නිහැඬියාව ටේහ්‍යුන් බින්දෙ හිත අස්සෙ තෙරපෙන ප්‍රශ්නයට උත්තරයක් බලාපොත්තුවෙන්.....





" අප්පිරියය......"










ටේහ්‍යුන් අහනකොට ඉස්සරහා බලන් ඔන්න දෙනෙත් හීනි කරගෙන ජන්කූක් ඔහු දිහා බැලුවේ තමාට එහෙම ඔහුව අප්පිරියාවක් දැනිලා නැති නිසා....කොහොමද ඔහු කියන්නෙ තමන් එහෙම හිතනවා කියලා ඉතින්....







" මං ඔයාව අප්පිරියයි කියල කිව්වේ නැනෙ...."


" අවුරැදු දෙකක් පස්සෙන් ඇවිල්ලාත් මං ගැන පුංචි වත් හැඟිමක් ඔය හිතට එන්නෙ නැත්තෙ මොකක් හරි අප්ප්‍රසන්න දෙයක් මං ගැන ඔයගේ හිතෙ තියෙන නිසා නේද..එහෙම නැතුව වෙන හේතුවක් නෑනේ....."









ජන්කූක්ගේ දෙනෙත් මඟඅරින්න ඕනා උ⁣නත් ටේහ්‍යුන් ඒ දෙනෙත් මග නොහැරම බලන් උන්නේ ඔහුගෙන් පිළිතුරක් ලැබෙනකම් උනත් ජංකුක් ඔහුට පිළිතුරක් නොදීම දිගු සුසුමක් හෙලුවා...ටේහ්‍යුන් අහන දේට දෙන්න පිළිතුරක් ජංකුක්ට හිතාගන්න බෑ...මොකද ඔහුවත් දන්නේ නෑ ඔහු ඇයි ටේහ්‍යුන්ට අකමැති කැමැත්තක් හැඟිමක් ඇති වෙන්නෙ නැත්තෙ කියලා.....










ඒ තරම්ම ආදරේයි ද   (  o𝒏𝒈𝒐𝒊𝒏𝒈  )Where stories live. Discover now