19 . කොටස 🐯🐰

373 69 66
                                    

ඒ තරම්ම ආදරේයි ද   - 19 . කොටස

                         ❤ ෴  🐯🐰  ෴ ❤️

⸙..

⸙..

⸙..

" ටේහ්‍යුන්....හ්...."

" ලෝ.රා....හ්....."








            බෝගම්ගෙ මුවින් ටේහ්‍යුන්ගෙ නම පිටවුණෙත් ටේහ්‍යුන්ගෙ මුවින් දෝරකඩ ළඟ හිටගෙන උන්න තරැණි⁣යගේ නම මුවින් පිටවුණෙත් එකම වෙලාවේ...ඒ මුණේ ඇදිලා තියෙන සමච්චල් හිනාව එක්ක ටේහ්‍යුන්ට දන්නවා මේ  හැමදේම තව මොහොතකින් ඉවර වෙනවා කියලා...හැමදාටම ජන්කූක්ව තමාට නැතිවෙලා යනවා කියලා...ඒ දෙනෙත් වල තියෙන සමච්චලයට මුසු  බැල්ම දරාගන්න බැරිව ⁣ඉවතට ගත්ත ටේහ්‍යුන්ගෙ දෙනෙත් නතර උනේ ජන්කූක්ගේ දෙනෙත් ළඟ.....









" මෙ...යා...ලා....  කා..වු...දහ්......"






             හිතට දැනෙන දෙවල් දෙනෙත් වලට මේ පේන දෙවල් විස්වාස කරන්න ද නොකරන්නද කියලා හිතාගන්න බැරිව අරගලයක උන්න ජන්කූක්  යටි හිත කෑගහලා කියන්න හදන දෙවල් පිළි නොගෙන තමන්ගෙ දෙනෙත් මත රැඳිලා තියෙන ටේහ්‍යුන්ගෙ දෙනෙත් දිහා බලාගෙනම වචන ඇමිණුවේ වේවුලන හඬින්...මුවින් පිටවෙන වචන  වගේම ඒ ගතත් වේවුලනවා කියලා ඔහුගේ අත අල්ලගෙන උන්න ජේහොප් ට දැනුනා...








" ජන්..කූක්...හ්.....මං...."

" ටේ පපා..හ් පුතූව වදා....."






          තව ටිකක් ජන්කූක් කිට්ටුවට එන්න අඩියක් ඉස්සරහාට තිබ්බාත් ඔහුගේ දෙපා බදාගෙන උන්න සිගිත්තා ඔහුගේ  පුංචි දෙඅත් දිගු කරලා වඩාගන්න කිව්වාම අසරණ දෙනෙත් වලින් ටේහ්‍යුන් ජන්කූක් දිහා බැලුවාත් ඔහු දෙනෙත් බිමට හරව ගත්තෙ ඒ මුණ දිහා බලන් ඉන්න තරම් හිතක් නැති නිසා....ඒ සිඟිති මුවින් ටේහ්‍යුන්ට පියා කියලා කතා කරනකොට පපුව හිරවෙනවා වගේ ජන්කූක්ට දැනෙන්නෙ...





" පුතූ......"

" පුතූ පාලුවෙන් උල්ලෙ පපා නැලේ...."





              ටේහ්‍යුන්ගේ අත් අතරට මැදිවුණ දරැවා ඒ ගෙල දෙඅත් වලින් බදාගෙන නොක්කාඩු හඬින් මුමුණද් දී හොරැහින් ජන්කූක් දිහා බලන ගමන් ටේහ්‍යුන් ඒ ළපටි කම්මුලක් හිමිට සිපගත්තා...වෙන කිසිම දෙයක් ගැන නොදන්න පුංචි දරැවා එයාගේ පියාව කාලෙකින් දැකපු සතුට ඒ උණුසුම් දෙඅත් අස්සෙ හිරවෙලා විදිනකොට අනිත් හැම කෙනෙක්ම උන්නෙ ඇවිලෙමින්.....






ඒ තරම්ම ආදරේයි ද   (  o𝒏𝒈𝒐𝒊𝒏𝒈  )Where stories live. Discover now