50 . කොටස 🐯🐰

607 88 108
                                    

ඒ තරම්ම ආදරේයි ද    -   50 . කොටස

             ❤ ෴  🐯🐰  ෴ ❤️

⸙..

⸙..

⸙..


            

" ඉවරද ඕක...යමුද කන්න...."

" යමු...හ් විනාඩියක් හිටපන්...."

                  ජන්කූක් වැඩ කර කර උන්න මේසය ලගට ඇවිත් ජේහොප් අතේ තිබුණ දවල් කෑම එක මේසය උඩින් තියලා එහාපැත්තෙ තිබුණ පුටුව ඇදලා අරන් එකෙන් වාඩිවුණේ ජන්කූක් කරන ගමන් උන්න වැඩේ ඉවර වෙනකම්....
කාලය ටිකෙන් ටික ඉස්සරහට ගිහින් මේ දවස් හරි ඉක්මනට ගෙවිලා යනකොට ටේහ්‍යුන්ත් ජන්කූක්ගේත් ආදරේ දවසින් දවස  අලුත් වෙමින් සාර්ථකව හොද අවබෝධයක් එක්ක ඉස්සරහට ගලාගෙන ගියා...ජන්කූක් උන්නෙ ලොකු සතුටකින් වගේම සැහැල්ලුවකින්....

" මොකො බන්....."

" ඇයි...හ්...."

" අවුලෙන් වගේ....."

"  මොකුත් නැ ඕක ඉවර කරපන් ඉක්මනට බඩගිනි මට...."


              වෙනදා වගේ ජේහොප්ගෙ කියවිල්ල අද නැ කියන වෙනස මිනිත්තු කිහිපයක් ගෙවිලා යන්න කලින් දැනුනා ජන්කූක්ට...ලැප්ටොප් එක මත තිබුණ දෙනෙත් ඉන් ඉවතට අරගෙන ජේහොප් දිහා තප්පර කිහිපයක් බලන් උන්නාත් ඔහුගේ කල්පනා බර දෙනෙත් වල වෙනසක් දැක්කෙ නැති ජන්කූක් ඉක්මනට ලැප්ටොප් එකෙ කරමින් උන්න වැඩේ ඉවරයක් කරා....

" හරි යමන්...."

" ම්ම්....."

      නිහඬවම ඉදගෙන උන්න පුටුවෙන් නැඟිටලා මේසය උඩ තියලා තිබුණ කෑම පාර්සලයත් අරගෙන ජේහොප් ඉස්සර වෙනකොට ජන්කූක් ඔහු පිටුපසින් ගමන් කරේ ජේහොප් ඉන්නෙ මොකක් හරි ලොකු අවුලක කියලා හිතට තදින් දැනෙනකොට....

" ජේහොප්..."

" ම්ම්...කියපන්...."

" මොකද බන් උඹට වෙලා තියෙන්නෙ අද..."

" ඇයි...හ් මට මොකුත් වෙලා නැ...."

          කිසි කතාවක් නැතුව විවේකාගාරය දිහාට ඇවිදන් ගියපු ජේහොප් සින්ක් එකෙන් අත හෝදගෙන ඇවිල්ලා එහා පැත්තෙ තියලා තිබුණ මේසයෙන් වාඩිවෙලා කෑම පාර්සලය දිග ඇරගත්තෙ කන්න උනත් ජන්කූක් කතා කරපු නිසා ජේහොප් ඔහු දිහා බැලුවා...

ඒ තරම්ම ආදරේයි ද   (  o𝒏𝒈𝒐𝒊𝒏𝒈  )Where stories live. Discover now