22 . කොටස 🐯🐰

312 63 29
                                    

ඒ තරම්ම ආදරේයි ද - 22 . කොටස

❤ ෴ 🐯🐰 ෴ ❤️

⸙..

⸙..

⸙..

අවුරැද්දකට පසු ............

" කූකි....හ්.....බාර්ත් රෑම් එකෙද...."

" ඔව් ඉවරයි එනවා......"

ජන්කූක්ගේ කිරි වීදුරැවත් අරගෙන කාමරේට ආව කැමේළි මේසය උඩින් ඒක තියලා ⁣ඇකිලිලා ගිහින් තිබ්බ ඇද හරි ගැස්සුවා....

" නෑවාද....."

" ඔව් රෑ නාගන්න බැරිවුණානෙ....."

නාලා ඉන වටේ තුවාය රදවගෙන කාමරේට ආව ජන්කූක් රැග් එකෙන් හොයලා පොඩි තුවායක් අරගෙන තෙත කොණ්ඩේ එක අතකින් පිහ දැම්මේ අනිත් අතින් මව අරගෙන ඇවිත් තිබුණ කිරි එකත් බෝන ගමන්....

" කූකි...."

" ම්ම්...ඇයි....."

" ඇන්ඩෲ අංකල් ආවා ඊයේ....."

කැමේලි මතක් කරේ ඔවුන් ඉන්න නිවසේ අයිතිකාරයා ගැන...ගමෙන් ආව දවසේ ඉදලා ජන්කූක් මව එක්ක මේ නිවසේ ජිවත් උන මේ නිවසේ ඉන්නෙ කුලියට...අවුරැද්දටම එකපාර කූලී මුදල මෙතුකල් කල් ජන්කූක් නිවස අයිතිකාරයාට අවුරැද්දෙ අවසාන මාසයේ අග හෝ ජනවාරි මාසය මාස ඇතුළත දීලා ඉවරයක් කරේ ඒක ඔහු ට ඒක ලේසි නිසා....

" ඉතින්...අම්මාට මං සල්ලී දිලානෙ ගියේ...."

" මං දුන්නා...."

" එහෙනම් ඉතින් මොකද කිව්වේ සේරම සල්ලී නැ කියලා බැන්නාද...කිව්වේ නැද්ද ඉතුරැ බාගේ මේ මාසේ සැලරි එක වැටුණාම දෙන්නම් කියලා...."

" මං කිව්වා....."

" එහෙනම් ඉතින්....."

අලුත් බ්‍රාන්ච් එකෙත් වැඩට යන නිසා බස් වල යන එන කරදරයක් නිසා ජන්කූක් අලුතෙන් බයික් එකක් ගත්තෙ ටේහ්‍යුන් ඔහුට අරන් දීලා තිබුණ බයික් එක එහෙමම පැත්තකට කරලා තියෙනකොට...පොතේ ඉතුරැ කරලා තිබුණ සල්ලී ටික බයික් එක ගන්න වියදම් උන නිසා ජන්කූක්ට මේ අවුරැද්දෙ පළවෙනි මාසයත් ගෙවිලා ගියත් මුළු මුදලම නිවාස අයිකාරයාට දෙන්න තිබුණේ නැ...පියා ඉතුරැ කරලා තිබුණ මුදල් අරගන්නෙ නැතුව ජන්කූක් හිතුවේ ඔහු ළඟ තිබුණ මුදල් වලින් බාගයක් දීලා තව දවස් දහයකින් මාසේ පඩිය ලැබුණාම ඉතිරැ සල්ලී ටික දිලා දානවා කියලා....

ඒ තරම්ම ආදරේයි ද  / 𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊   (  o𝒏𝒈𝒐𝒊𝒏𝒈  )Where stories live. Discover now