⛓️ Chapter 03 ⛓️

76 11 12
                                    

After one week

ජන්කුක්ගෙයි ටේහ්‍යුන්ගෙයි ලොකු හ්‍යුන් ඇවිල්ලනම් දැන් සතියක් වෙනවා.ජන්කුක්ගෙ අපාට්මන්ට් එකේ තමා දෙන්නගෙ හ්‍යුන් හිටියෙ.
ටේහ්‍යුන් තාමත් දන්නෙ නෑ තමන්ගෙ එකම හ්‍යුන් තාම ජීවතුන් අතර ඉන්නවා කියන එක.

" ටේහ්‍යුන් දැන් සීන් ටික ඉවරයි."

ටේහ්‍යුන්ට එහෙම කිව්වෙ කොල්ලා අලුතින්ම ඇක්ට් කරන ඩ්‍රාමා එකේ ඩිරෙක්ටර්.
ඩිරෙක්ටර් එහෙම කියනකොට ටේහ්‍යුන් ලග තිබ්බ පුටුවෙන් ඉදගෙන තමන්ගෙ මැනේජර් කොල්ලගෙ අතට දුන්න ‍රෙඩ්බුල් එක බොන්න ගත්තා.කොල්ල උගුරු දෙක තිනක් බීලා ඉදගෙන හිටිය තැනින් නැගිට්ටා.

" එහෙනම් ඩිරෙක්ටර් සර් මන් යන්නම්."

කොල්ලා එහෙම කියලා බෝ කරලා බිබී හිටිය රෙඩ්බුල් එකත් අරන් ගියෙ තමන්ගෙ කාර් එක නවත්තලා තිබ්බ තැනට.ටේහ්‍යුන් තමන්ගෙ කාර් එක තිබ්බ තැනට ටේහ්‍යුන් කාර් එක ඇතුලට ගිහින් ඉදගෙන තමන්ගෙ ෆෝන් එක ගත්තා.
කොල්ල ෆෝන් එක අරන් නම්බර් එකක් ඩයල් කරලා පැසෙන්ජර් සීට් එකට හේත්තු වුනා.

" යොබුසයෝ අන්කල් චෝයි "

" කියන්න පුතා."

" අන්කල් මන් දැන් ඔෆිස් එකට එන්න හදන්නෙ.මීටින් එක ඇරේන්ජ් කරලා තියෙන්න පුලුවන්නේ "

" ඕකේ පුතා."

ටේහ්‍යුන් කතා කරේ තමන්ගෙ අන්කල් වෙච්ච චෝයි යොන්දෝට.යොන්දෝ කියන්නෙ ටේහ්‍යුන්ලගෙ ඔම්මගෙ අයියා.
යොන්දෝ තමා කිම් කම්පැනි එකේ මැනේජර් .
යොන්දෝ තමා කිම් කම්පැනි එකේ හැම දෙයක්ම වගේ හැඩ්ල් කරන්නෙ.
ටේහ්‍යුන් CEO වුනාට කොල්ල කම්පැනි එකට යන්නෙ මොනාහරි මීටින් එකක් හරි නැත්තන් ෆයිල් වගයක් සයින් කරන්න හරි තිබ්බොත් විතරයි .

ටේහ්‍යුන් තමන්ගෙ කාර් එකත් ඩ්‍රයිව් කරන් ගියෙ කම්පැනි එකට.කොල්ල කම්පැනි එක ඇතුලට ගිහින් මීටින් රූම් එකට යනකොට ඩිරෙක්ටර් බෝඩ් එකේ හැමෝම වගේ මීටින් එකට ඇවිත් හිටියෙ.කොල්ල මීටින් රූම් එක ඇතුලට ගිහින් තමන්ගෙ චෙයා එකෙන් ඉදගත්තට පස්සෙ තමා මීටින් එක පටන් ගත්තෙ .

⛓️ᗪᗩᑎGEᖇ (Oᑎ GOIᑎG)Where stories live. Discover now