4~

90 14 12
                                    


ගෙදර යනවා කියලා හිතං ගියාට මගදි හිත වෙනස් උන නිසා කෙලිම්ම කොලු බාගෙගෙ ගෙදර දිහාට හැරුනා...හවස් උන හින්දා බනීද දන්නෙත් නෑ...ඒකිගෙ අම්මා මහ ඕනෙ නෑ...හෙන සැරයි...ඒකටම හරියන්න අක්කෙකුත් ඉන්නවා...පව් කෙල්ල...දඩු අඩුවකට හිරවෙලා වගේ ඇති...ඒත් ඉතින් ඒකි ඒකිට ඕනෙ නිදහස විදිනවා හැබැයි...තාත්තා ඕනෙ දෙයක් කර ගන්න කියලලු තියෙන්නෙ...දැං ඇති ඉතිං පුකත් උඩ දාගෙන කොහෙට හරි වෙලා පෝන් එක ඔබ ඔබ

මං හිමිං සැරේ යනකොට ඇන්ටි පහන තියන්න මල් කඩනවා...මං ඉතිං ශේප් එකේ ලගට යන්කොට ඇන්ටි දැක්කා

අහ්...පුතේ...හවස්වෙලා මෙහෙ මොකෝ ?

නිතුරිව හම්බෙන්න කියලා ඇන්ටි...ඉන්නවද ?

අපොයි ඉන්නවා ඉන්නවා...ඇතුලෙ ඇති ගිහින් බලපංකො කොල්ලො

හරි ඇන්ටි

මං ඉතිං ශේප් එකේ ගෙට ගියා...මේක මට නුහුරු තැනක් නෙමේ...හිච්චි කාලෙ ඉදන් මුංගෙ දිහා මං බඩ ගෑවා එකනෙ...

අයියෝ නෑ අනේ...ඔයා නං මොකෙද්ද මන්දා...ගස් හිවලා

ගස් හිවලා....!!!

සාලෙට අඩිය තියනවත් එක්කම ගස් හිවලා කියාපි...පපුවත් එක්ක මොකද්ද උනා...මං හිතුවෙ මට කිව්වා කියලා...අපොහ් නෑ නිතුරිගෙ අක්කා කෝල් එකක...ඒ කෙල්ලට ඉතිං කවදත් කෝල්...රට හතර වටේටම ඉන්න කොල්ලන්ට කතා කරනවා ඒ උනාට තාම බදින්න මිනිහෙක් නෑ...එයා මිනිස්සු තෝරනවා...නැන්දා කියනවලු වෙලාවකට...හම්බෙන දෙමලෙක්ට හරි බන්දලා දෙනවා කියලා....නිතුරිට වඩා අවුරුදු දහයක් වැඩිමල්...දැං තිහත් පැනලා...නිතුරි හැමවෙලේම කියෝනවා ඔය ගැන...මට සැනසීමෙ ඉන්න නං ඕකිව ගෙදරිං පන්නන්න ඕනෙ ඒත් මේකිට කර ගහන්න එකෙක් නෑනෙ කියලා....අනේ ඉතිං කාට කියන්නද මේවා...හොද වෙලාවට මට මං විතරක් උන්නේ...බුදු අම්මොහ්..මගෙ වාසනාව

ශේප් එකේ අක්කගෙ කෝල් එකට බාදාවක් නොවී ගිහින් අරකිගෙ කාමරේට එබුනා...ඒකි ඊට වඩා හපං හෙඩ් සෙට් එකත් කනේ ගහන් පුක කැඩිච්ච කඩියා වගේ නටනවා...ඒකි සින්දුවට නැටුවට එලියෙ ඉදන් අහන් ඉන්න එකෙට්ට හිතෙන්නෙ එක්කො පොලොවෙ අඩි හප්පනවා...එක්කො මෙලෝ යකෙක්ට අහන්න බැරි විදිහට සින්දුව කනවා...එක්කො ඒකිගෙම අතපය ඔය කොහෙ කොහෙ හරි තහ් තොහ් ගාලා වද්ද ගන්නවා....රිදෙන්නෙ නැද්ද මන්දා මේකිට...බලං ඉදලා දැන් මට කලන්තෙ වගේ

රත් මල් ~ [Yizhan]Where stories live. Discover now