12~

74 10 0
                                    

එයාව වලව්වට ගිහින් ඇරලලා දවස් දෙකක් ගෙවිලා යද්දි මං සතියා එව්ව ටයිපින් වැඩත් එක්ක හිර උනේ දවස් දෙකක් එයාගෙ මූණ බලා ගන්න බැරි වෙලා යද්දි

එයා එක්ක ගෙවුන දවස් මගෙ ජීවිතේ සුන්දර දවස් වෙලා...කවදාවත් හිතුවෙ නෑ මේ මනුස්සයා මගෙ ජීවිතේ තියෙන එකම සතුට වේවි කියලා....මොනවා නැත්තත් අප්පච්චිගෙ පුතාට හම්බුනේ එයාට හම්බෙන්න හිටපු හොදම කෙනා කියලා මට විශ්වාසයි

" පුතේ මං වලව්ව පැත්තෙ යනවා....උඹ එනවද ? "

කල්පනා ලෝකෙක ගිලිලා හිටපු මම දඩි බිඩි ගාලා ගොඩට ආවෙ අප්පච්චිගෙ කටහඬ නිසා...එයා වලව්වට යන්නලු හදන්නෙ...අනේ මටත් එන්න ඕනෙ එයාගෙ මූණ බලන්න....ඒ මූණට පුංචි හාද්දක් තියන්න....ඒත් ඉතින් වලව්වෙදි ඒවා හීන නොවැ

" අහ් හරි අප්පච්චි ඔයා යන්නකො මං පස්සෙ එන්නම්...මේ වැඩේ ඉවර කරලා දාලා "

" හරි එහෙනං මං යනවා....පරිස්සමින් වරෙන් "

" හරේ...."

අප්පච්චි මටත් අත වනාගෙන යන්න යද්දි ආයෙමත් මං කොටන්න ගත්තෙ වැඩේ ඉවර කරලා දාලා ඉක්මනට වලව්ව පැත්තට ගිහින් චුට්ටක් ඒ මූණ බලලා එන්න

" ම්ම්ම්...හම්බෝහ්..... "

එක දිගට පැයක විතර වෙලේ ඉදන් එකම ඉරියව්වෙන් ඉඳගෙන හිටිය නිසා මගෙ කොන්ද ලොක් වෙලා වගේ තිබුන නිසා එහෙම්ම වැඩේ ඉවර කරපු මං පුටුවෙන් නැගිටලා එහෙට මෙහෙට ඇඹරිලා ඇට ටිකත් ටක ටක ගාලා කඩාගෙන හිරිත් ඇරගෙනම කෙලින් උනා....නැගිටලා කුස්සියට ගිහින් කෙලින්ම වතුර කෝප්පයක් ගහලා දාලා ආපහු කාමරේට ඇවිත් ඇඳන් යන්න ඇඳුමකුත් තෝරලා තියලා බාත් රූම් එකට හැදුවට යන්න හම්බුනේ නෑ සතියාගෙන් කෝල් එකක් ආවා

" ඔව් කියහං....."

" අඩෝ මං හෙට ඔය පැත්තෙ එන්න කියලා බැලුවෙ "

" අඩොහ් වරෙං වරෙං බං...කොච්චර එකක්ද.... "

" එල මං එන්නම්කො එහෙනම්...නිතුවාටත් කියහං එහෙනම් ඈ....හෙට උදේ දහය වෙනකොට මං උඹේ දොර ඉස්සරහා "

" අඩෝ එල බොක්ක....කුකුලත් අතින් අරම්ම වරෙන්...පට්ට "

" හරි හරි ඒක කියන්න ගත්තෙ.....මොකද උඹ කරන්නෙ "

රත් මල් ~ [Yizhan]Where stories live. Discover now