11~

62 7 6
                                    

ඊයෙ ප්‍රභාත්ගෙ ගෙදර ගිහින් ආවා ආවාමයි එලි වෙනකල් මට නින්දක් තිබුනෙ නෑ....මම ආව වෙලේ ඉදන්ම හිටියෙ ජම්බු ගෙඩියක් වගේ රතු වෙලා.

ඊයෙ දවසෙ වෙච්ච දේවල් එක්ක මං ඉදියෙ උපරිම සතුටින්....සතුට කියන එකේ කෙලවරේම....ඒ තරම් සතුටු දවසක් ආයෙකවදාවත්ම එන්න නෑ

" කොච්චර මගෙ ඇස් කියවන්න හැදුවත් ඔයාට තාම මේවගෙ ඇතුලෙ තියෙන හැගීම් කියව ගන්න බැරිව ඇති ප්‍රභාත්....ඒත් කවදම හරි හුරු වෙන්න....ලගදිම දවසක......ඔයාට පුලුවන් නේද ඒක කරන්න ? "

" මං හුරු වෙන්නම්....අද ඉදන්ම "

ඊයෙ මතක අස්සෙ මම ආයෙම ගිලුනා...එයා ඒ වචන බර කරලම කියපු විදිහ....මට එවෙලෙ දැනුනෙ කාටවත් කියා ගන්න බැරි තරම් සතුටක්

අද ඉදම්ම මම ඇස්වලින් පිට දාන හැගීම් තේරුම් ගන්න උත්සාහ කරන්නම් කියලා එයා මාවයි නිනීවයි එක්කගෙන එයාලගෙ ගෙදර ගියා...යන්කොට එයාගෙ අප්පච්චි ගෙදර හිටියෙ නැති උනත් එයා අපි දෙන්නව ඇතුලට එක්කන් ගිහින් තේ හදලා දුන්නා...මං හිටියෙම ලැජ්ජාවෙන්...ලැජ්ජාවත් එක්ක මුහු වෙච්ච සතුටකින්....වෙලාවකට හිතෙනවා අපි දෙන්නගෙන් වැඩිමල් එයාද කියලත්

" ඒ මේ මං එලියට ගිහින් එන්නම්...අරයට කෝල් එකක් ගන්න තියෙනෝ "

" හ්ම්ම් "

නිනී කෝල් එකක් ගන්න තියෙනවා කියලා මට ඇහැකුත් ගහලා ගෙයින් එලියට ගියෙ මාවයි ප්‍රභාත්වත් තනි කරලා....ඕකිගෙ ඔය බොරු...කෝල්ගන්න කවුරුත් ඇත්තෙත් නෑ....පුදුම උනන්දුවක්නෙ තියෙන්නෙ ඉස්සර ඉදන් අපි දෙන්නව ජෝඩු කරන්න...ඒ නිසා ඔය ශේප් එකේ මෙතනින් ලිස්සලා යන හැටි විතරක්

" අහ්ම්....තේ එක හොදද "

" හ්ම්ම් රසයි "

" ම්ම්ම් "

මං ලැජ්ජාවෙන් වගේ එයා දිහා බලලා රසයි කියනකොට එයා හිනා වෙලා ම්ම්ම් කිව්වා....ඇයි දෙයියනේ කවදාවත් නැතුව මං ලැජ්ජා වෙලා ඉන්නෙ

රත් මල් ~ [Yizhan]Where stories live. Discover now