01 කොටස

179 22 5
                                    

" තාත්තේ ම්ම..මං ලි යා රා ගෙන් ඩිවෝස් වුණා! , මං හෙට ලංකාව⁣ට එනවා "

" නුදම් !!! ........උඹට තවත් මගේ දරුවෙක් වගේ ඉන්න ඕනිනම් දැම්ම මේ කරන වැඩේ නතර කරපන්.....
උඹ දන්නවා මේ තාත්තා දෙපාරක් කියන්නේ නැති විත්තිය ! "

" තාත්තා ..දැනටමත් අපි තිරණයකරලා ඉවරයි , තවත් මට මෙහෙ ඉන්න හේතුවක් නැ "

(( මං උඹට කිව්වා ඒ දවස් වලම ඔය අවජාතක හැත්ත කර ගහද්දිම මේ වගේ දේවල් වෙයි කියලා ,
කොහෙද උඹටත් ඕනි වුනේ මේ මගුලම කරගන්නනේ ))

පියාගේ දුරකථනයෙන් ඔස්සේ ඇහෙන මිත්තනියගේ වදන් ,
ආරන්‍යගේ පපුව අස්සේම නතර වුනේ ඒ හිත තව තවත් රිද්දමින්......
කෙසේ නමුත් ගත් තිරණය ගැන ආයිම හිතන්න ඒ හිතට ඕනේ නෑ..

" මං උඹට තව එකම එක චාන්ස් එකක් දෙනවා නුදම්.... ඔය තීරණය වෙනස් කරපන් "

" ම්..මං ති ර ණ ය කරලා ඉවරයි තාත්තා "

ඒ හඬ බිදිලා යද්දී .....ආරන්‍ය තම පියාට පිළිතුරු දුන්නා

" හොදයි....එහෙනම් මේක හොදට අහගනින් නුදම්.....
අදින් පස්සේ .....අදින් පස්සේ මොරවකබණ්ඩාර ගේට්ටුව උඹට වැහිලා,
කොටින්ම උඹට තවත් මොරවකබණ්ඩාර පවුලේ කිසිම අයිතියක් නැ....
මොකද කන්න දුන්න අත හපා කන බල්ලෙකුට තවත් මේ ගෙදර දොර අරින්න මේ මිහිඳු මොරවකබණ්ඩාර ඉන්නකන් ඉඩ නෑ.."

" ත්..තා..ත්..තා !! "

"උඹට මට එහෙම කතාකරන්න තිබ්බ අයිතිය දැන් ටිකකට කලින් උඹ විහින් නැති කරගත්තා .....උඹට තිබ්බ හැමදේම උඹ විහින් නැති කරගත්තා නුදම් ,
උඹ හිඟන්නෙක් වගේ පාරක් පාරක් ගානේ දුක් විදිද්දී...අද මේ ගත්ත තීරණය ගැන ගොඩක් පසුතැවෙයි "

ඉදින් මේ මිහිඳු මඩුගල්ලගේ හැටිය....
ආරන්‍ය එය නොදන්නවා නොවේ,
නමුත් අද හිතට දුක වැඩ්ය.... තවදුරටත් ඒ ගැන නොහිතා ඉන්න ඒ හිතට බලකරමින් ඔහු තමා කරමින් හුන් කාර්‍ය අවසන් කිරිමට වෙහෙසුනි.

__________________

" නුදම් !.....
ඔයාට විස්වාස ද මේ වැඩේ කරන්න ඕනි කියලා ? "

ඒ ලයාන්විත හඬ ලියාරාගේ...
ඈ දිගු දෑගිලි පැටලි තිබුණේ ඇය අසල හුන් ඇගේ පෙම්වතා වුන තරුණයාගේ බාහුවේ,
මීට දින දෙකකට කලින් ඈ තම බිරිිඳ.....නමුත් දැන් ඔහුගේ පෙම්වතිය.

 වස්සාන ආරන්‍ය ☘️ ( Ongoing )Where stories live. Discover now