05 කොටස

47 11 0
                                    

#ආරන්‍ය

වැඩ කරපු පරිසරය හැමදේම එකපාරටම වෙනස් වුනත් මිස්ටර් පලිහවඩනත් මාස කීපයක් මේන් බ්‍රාන්ච් එකේ වැඩ කරන්න හිටිය හන්දම ආරන්‍යට ඒක ලොකු සහනයක් වුනා..

"මං නම් කියන්නේ මොනවා වුනත් පොර වැඩ්ඩා...බණ්ඩාරවෙල කේස් එක ගොඩ දාලා තියෙන්නේ පොරලු කියලා තමා කියන්නේ"

"ආයේ මොනවටද බං ලු කෑල්ලක් ඕක අස්සේ ඔබන්නේ, පොර තමා"

"සිරාවටම අපිටත් ඔහොම දෙයක් කරලා පුටු දෙක තුනක් ඉස්සරට පනින්න බැරිවෙයිද බං? "

උදේ ඉදලා එක දිගට තිබුනු වැඩ ටික ඉවර කරලා කැෆටේරියා එක පැත්තට ආවේ ආව බඩගින්නට මොනවාහරි කන්න කියලා.
කට්ටිය මං එද්දි නතර කරපු කතාවේ මාතෘකාව මං වුනත්  කිසිම දෙයක් නෑහුන ගානට හාෆ් රයිස් එකක් ගත්තේ උදේ ඉදලා බඩට වැටිලා තිබුනු පාන් පෙත්ත මදි කියලා දැනුන නිසා.

මං මෙහෙට අළුත්....ඊටත් වඩා කට්ටියට ප්‍රශ්නය වුනේ බණ්ඩරවෙල බ්‍රාන්ච් එකේ පොඩි තැනක වැඩ කරපු කෙනෙක් ⁣එකපාරටම මෙහෙම තැනකට වැටුන එක.

ඔහේ ගෙවිලා යන ජිවිතේට හේතුවක් ඕනේ කමට මිසක් මේ අගනගරේ ඇතුලේ රස්සාවකට කොල්ලා කැමති නෑ...කොල්ලට ඕනේ නිදහසේ ඉන්න.ලැබිච්ච රස්සාව නිදහසේ කරගන්න.

⁣ඒක හින්දම ආයතනය ඇතුලේ කොල්ලාට තිබුණේ නිහඬ චරිතයක්, ඉතින් ඒකම එක හේතුවක් කොල්ලව අනික් අය අතරේ මාතෘකාවක් වෙන්න.

ජනේල අයිනට වෙන්න කොනේම හිටිය කොල්ලගේ ඇස් තිබ්බේ එක සීරුවට කොළඹ නගරයට වහින වැස්ස අස්සේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජනේල අයිනට වෙන්න කොනේම හිටිය කොල්ලගේ ඇස් තිබ්බේ එක සීරුවට කොළඹ නගරයට වහින වැස්ස අස්සේ..
වැස්ස කියන්නේ නුදම් ආරන්‍ය කියන පිරිමි ආත්මේ වැඩියෙන්ම ආස කරන වගේම වැඩියෙන්ම බය කරන දෙයක්.
 

 වස්සාන ආරන්‍ය ☘️ ( Ongoing )Where stories live. Discover now