02 කොටස

86 17 5
                                    

🍁නුදම් ආරන්‍ය මඩුගල්ල

මඩුගල්ල පවුලේ ලොකු පුතා...කලින් අම්මා කිව්වා වගේ ලේ බිංදුවකවත් බැඳිමක් නැති පවුලක, බාල සහෝදරයවත් සහෝදරියවත් අයියා කියලා පිළිනොගන්න ඒ උනත් එයාලට අයියා වුන ලොකු අයියා...

කවදාවත් ඇහැට දැකලා නැති අම්මා කෙනෙක්ගේ ,කවුද කියලා දන්නේවත් නැති තාත්තා කෙනෙක්ගේයි දරුවෙක් වෙච්ච මට  නෙරංජනා මොරවකබණ්ඩාරයි මිහිඳු මොරවකබණ්ඩාරයි  අම්මා තාත්තා වුනා...

අත්තම්මා එහෙම නැත්නම්  තාත්තාගේ අම්මා කියන විදිහටනම්  මගේ අම්මාවත් දන්නේ නැතිලු  තාත්තා කවුද කියන එක, මං දන්න එකම දේ නෙරංජනා අම්මායි එයයි නිවුන්නු කියන එක විතරයි,

සමහර වෙලාවට කොච්චර ඒ රෑපේ මගේ හිතේ මවාගන්න හැදුවත් මගේ ඇස්වලට මැවෙන්නේ එකම එකම රෑපයයි.. ඒ නෙරංජනා අම්මගේ රෑපේ, මං ඇස්වලින් දැකපු එකම අම්මා එයා වෙද්දි මං සතුටු වුනා. මේ ඇත්ත දැනගන්න දවස වෙනකන් එයාගේ ආදරේ නංගී මල්ලි අතර බෙදිලා ගිහින් මට අඩුවෙද්දී මං ඒ දෙන්නට ඊරිසියා කලා......

එක අතකට ඒක විහිලුවක්......

කිසිම දෙයක් නොහිතපු විදිහට මේ ගෙවුනු පැය ගාණට ආරන්‍යගේ ජිවිතයම කනපිට හරවලා ඉවරයි.
ඒකට මුල්ම හේතුව වුනේ ව්‍යාපාර ගණුදෙනුවක් වෙච්ච ආරන්‍යගේ විවාහය ඔහුම බිදලා දාපු එක, ඒ වගේ දේකට මේ තරම් ලොකු දඩුවම් කොච්චර සාධාරණද කියලා ආරන්‍ය කල්පනා කලේ...

මීට සතියකට කලින් කෝටි ගණන් ව්‍යාපාර ගනුදෙනු කරපු ආරන්‍යයට කැබ් රථයේ කුලිය ගෙවු පසු ඉතිරි වුයේ පොඩි මුදලකි, මොරවකබණ්ඩාර ව්‍යාපාර ජාලයේ ආරන්‍ය නමින් වෙන් වූ සියළු කාඩ් පත් මිහිඳු විසින් අවහිර කර තිබුණේ අනුකම්පා විරහිතවයි.

තවදුරටත් නුදම් ආරන්‍ය මඩුගල්ල කෙනෙක් නොමැත, අදින් පසු ඔහු හුදෙක් නුදම් ආරන්‍ය පමණි...

ටික ටික කළුවර අඩු වෙද්දී...මිනිස්සු එක්කෙනා දෙන්නා පාරට බහින්නේ කලබල කොළඹ නගරයට අවතීර්ණ වෙමින්. ඔහුව පහුකරගෙන යන එක්කෙනෙක් දෙන්නෙක් හැර අනෙක් අයට ආරන්‍ය ගැන වගේවගක් නැති වුනත් සමහරුන්ගේ බැල්මේ තිබුණේ යම් කුකුසක් බව ආරන්‍යයට හොදටම පෙනුනා..

 වස්සාන ආරන්‍ය ☘️ ( Ongoing )Opowieści tętniące życiem. Odkryj je teraz