07

239 53 25
                                    

mata adarei da

adarei

ඇත්තටම .. ආදරේ කියන්නෙ මොකද්ද කියලා වත් නොතේරෙන මම එයා එහා පැත්තෙන් ආදරෙයිද කියලා අහනකොට ආදරෙයි කිව්වා ..මන් දන්නෙ නා මට එයා ගැන ආදරයක් තියෙනවද නැද්ද කියන්න මන් දන්නෙ නෑ .. හැබැයි පොඩි කැමැත්තක් ආකර්ශනයක් මගෙ හිතේ තියෙනවා කියලා නම් මන් දන්නවා ..

සමහර විට ඒ හේතුව නිසා මම ඒ උත්තරේ දෙන්න ඇති ..

නැත්තන් මන් වෙනුවෙන් කියලා ඉන්න මනුස්සයා මට නැති කර ගන්න තියෙන ආත්මාර්ත්කාමී කම වෙන්න ඇති ..

කොහොම හරි .. එයා ට ආදරෙයිද කියලා අහන හැම මැසේජ් එකකටම මන් ආදරෙයි කියලා රිප්ලයි කරා ..

කොච්චරක් ද කියලා අහනකොට ගොඩක් ආදරෙයි කිව්වා ..

එයත් සෑහීමකට පත් උනා මාත් සෑහිමකට පත් උනා එච්චරයි ..

heta eliyata yamu .. wada arila

mm..ha ..

good night baba

good night

මන් පෝන් එක පැත්තකට දාලා ඇස් පියා ගත්තා .. වෙලාව පාන්දර තුනයි .. දැන් ඉතින් මට වෙන විනෝදාංශය්ක් හොයා ගන්න වෙයි වගේ ..

.
.
.

"මොනාද කන්නේ .. " මන් අද දවසම මේ තප්පරේ වෙනකන්ම හිතුවා ..අපේ ' එලියට යෑම ' මන් කියන්නෙ ඒක නිකන් ලාවට ලාවට ඩේට් එකක් වගේ නේ .. මන් මුලු දවස පුරාම ඒ ගැන කුතු හලෙන් හිටියේ  .  මොනව වගේ වෙයිද කියලා .. 

ඉතික් අන්තිමට කැෆේ එකක එයයි මායී මූණට මූණ බලාගෙන ඉදගෙන ඉන්නවා ..

එයා තනි කලු out pit එකක් ඇදලා මම නෝමල්  ට්‍රව්සර් එකකුයි ඩාර්ක් බ්ලූ ශර්ට් එකකුයි ඇදලා ..

"ඔයා කැමති දෙයක් " එයා මොනා ද කන්නෙ කියලා ඇහුවම මන් එයා කැමති දෙයක් ගන්න එයාට ඉඩ දුන්නා ..

"බොන්න "

"කෝපි " අපි ඉතින් ඇවිල්ලා මහ ලොකු පොශ් ඩයල් නෙවේ නේ .. ඇත්තම කිව්වොත් මන් දන්නෙත් නෑ ඔය එක එක බීම ජාති වල නම් කැපචිනෝ කියයි බබල් ටී කියයි ..නෑ නෑ මන් ඔව්වා දන්නවා හරි ද ඒ උනාට ඉතින් ඊට වඩා බරපතල ජාති තියෙනවනේ කැෆේ වල මන් ඔව්වා දන්නෙ නෑ නේ ඉතින් ...

ELORA Where stories live. Discover now