35

285 57 105
                                    

"මොනවා උනත් ඇමති තුමා .. අබ්බගාතයව උනත් අවතක්සේරු කරන එක වැරදි "

අඩි දෙකක් ඉස්සරහට ගිහින් ඉණටත් අත් දෙක ගහගෙන කියවන මගෙ දිහා බලන් උන්න මගේ surprise  එකෙන් ලෙසටම surprise  වෙච්ච ඇමති තුමා දිහා බලලා මා කිව්වා ..

කාමරේ ගාඩ්ලා පහයි

ඇමතියයි

කොල්ලො දෙන්නයි

මමයි

ඔක්කොම නමයයි ..

නමය නපුරුයි කියනවා හැබැයි .

ඔහ් අමතක උනානෙ ඇයි මගෙ මහප්‍රාණ ඣාව්වත් ඉන්නවනේ ..

හදිස්සියෙම දුවගෙන ඇවිල්ලා මගෙ කකුල් වල පැටලි පැටලි ඇතිල්ලෙන් බළල් තඩියා දිහා මම බැලුවා .

ඇමති තුමා ඇතුලු ගෝලොයො පස් දෙනාගෙ සම්පූර්ණ අවධානය මේ වෙනකොටත් මගෙ ලග .

ම්ම් නයිස් !!

අවුලකට තියෙන්නෙ ඉතින් ගන් පහක් මගෙ පැත්තට දික් වෙලා තියෙන එක විතරයි .

මගෙ කිනිස්ස මගෙ little king ගේ පාලු මකන්නෙ නැතැයි.

යෙහ් !! ඒක මගෙ තමයි .. ඇයි දෙයියනේ මෙච්චර මේ තාත්වික රංගනේක යෙදෙන කොට ..ඒකත් මේ ඌ වෙනුවෙන්ම දෝරෙ ගලන කදුලු දිහා බලාගෙන අඩෝවැඩියාව නවත්ත ගනින් කිව්වම .

කිනිස්ස නෙවෙයි බුලට් දෙක තුනක් බස්සන්න තිබ්බෙ කටට .

"හරිම රස්නෙයි .. ආගන්තුක සත් කාර නම් අන්තිමයි ඇමති තුමා... මගෙ ඩැඩිත් ඔයිට වඩා හොදට ආගන්තුක සත්කාර දැක්කුවා .. එයාගෙ පරම හතුරා අපේ ගෙදර ආපු වෙලාවෙත් "

මගෙ දිහාවට දික් කරගෙන ඉන්න ගන්ස් ටික ගනන් ගන්නෙ නැතුවම ඇවිදින ගමන් මම කිව්වා .

එකක් මම දන්නවා ඇමතියගෙයි මගෙ අතර මීටරේ පරතරේ මම රකින කන් ඔය එක ගන් එකක් වත් පත්තු කරන්න උන්ට අවසර නෑ .

අනික උන්ගෙ අනික් ගොදුර උන් ලගට ගෙන්න ගන්න නම් මන් පණ පිටින් ඉන්න ඕනේ . 

තාම අවධානේ මා ලග තියන නිසා මිසක් , ඇමතියා ශොක් වෙලා ඉන්න නිසා මිසක් ඔමරු දැනට සේෆ් .. ඒත් ඔමරුටයි දෙනෙත් ටයි තියෙන රිස්ක් එක වැඩියි . කොල්ලො දෙන්නට ශූට් කරන්න මුන් දෙපාරක් හිත හිතා ඉන්නෙ නෑ .

ELORA Where stories live. Discover now