39

307 63 19
                                    

ගෙදර ඇවිල්ලත් කොච්චර වෙලාද දන්නෙ නෑ මම තාම ඇද ලග බිම වාඩි වෙලා .. ආයුගෙ වත් ආලෙම් ගෙ වත් කිසිම සද්දයක් ඇහෙන්නෙ නෑ ..

තරමක වෙරි ගතියක් තියනකොය නැගිට ගත්ත මම බාතෲම් එකට ගිහින් ශවර් එකට ඔලුව අල්ලගත්තා ..

වතුර වැටෙනකොට අත් දෙක දැවිල්ල අල්ලුවත් මම නෙවේ ගනන් ගත්තේ .. ඇදුමක් ඇදගෙන ඔලුව පිහින්නෙ වත් නැතුව මන් ආයුගෙ කාමරේට ගියා ..

ඇතුලට යන්න කලින් මන් එක තප්පරයක් උන් දෙන්නා දිහා බලාගෙන හිටියා ..

ආයුගෙ ගෙ ඉණ වටේ අත පටලගෙන  ආයුගෙ පිට පපුව හේත්තු කරගෙන උන් දෙන්නා නිදි  .. දැක්කම ඊරිසියා හිතුනා .

ඒත් උඹ හරි , සැනසීමෙන් ඇස් පියාගත්තනෙ කියලා හිතලා හිත හදා ගත්තා ..

එදා වගේම ඇද ලග බිම වාඩො වෙලා හිමීට ආයුගෙ නිදහස් අත අරගත්ත මම ඒ අල්ල උඩින් හාදුවක් තවරලා ඒ උඩින් කම්මුල තියා ගත්තා ..

"හරි මහන්සියි ආයූ "
"මම මිමිණුවා .. ඇහෙන්නෙ නෑ කියලා දන්නවා තමා ..ඒත් හිතේ හිර කරන් ඉන්නවට වඩා අදවත්කියලා දාන්න හිතුනා

"මට බයයි මට ආදරේ කරපු එකම එකාව ආයෙමත් වතාවක් නැති කර ගන්න.

අර ඇමතියා දැන් මට උඹ ගැන කියලත් තර්ජනේ කරන්න පටන් අරන් .. මන් මොනවද කරන්නෙ ආයූ .. මට එවෙලෙ ගොඩක් බය හිතුන .. උඹට මොනා අහරි උනොත් මම මොකද කරන්නෙ ආයූ .. දෙවෙනි වතාවටත් උඹට මම හින්දා මොනා හරි උනොත් මන් ම්කද කරන්නෙ  . හැමෝම ආයෙත් වතාවක් මම උඹව පාවිච්චි කරා කියලා මට බැනලා අත පිහිද ගනී "

"ම්හ්..!!" එක පාර කෙදිරි ගාපු ආයූ නින්දෙන්ම අත ඇදලා අරගෙන අනිත් පැත්ත හැරිලා ආලෙම් ගෙ බෙල්ල අස්සෙ මූණ ඔබාගෙම ඌ ගේ ඇග අස්සට රිංග ගත්තා ..

මම යටි තොල හපා ගත්තා .. උගුර හිර වෙලා මට ඇඩෙන්න ආවා ..

සමහර විට මාව අහගෙන ඉන්න උඹට වත් උවමනාවක් නැතුව ඇති .. ඒක හරිනේ උඹව අහන් ඉන්න කෙනෙක් ඕන උන කාලෙත් මම උබ ලග හිටියේ නෑ නේ ..

දැන් දැන් උඹට හිතෙනවා ඇති    උඹට හරියනම කෙනා මුණ ගැහෙන්න පරක්කු උනා කියලා ..

ELORA Where stories live. Discover now