CHAPTER 19 >>>

316 41 6
                                    

" යාහ් Kim Taehyung අත අරිනවා මාව... "

" දැන් ඔයාලාගේ වැඩ ඉවරනෙ එළියට යන්න කෝ කෝ... "

Taehyung යුරිවයි හෝසොක්වයි තල්ලු කරන් ගිහින් එලියට දලා දොර වැහුවේ දෙන්නාගෙ මුණටමයි. Taehyung අත් දෙකත් ගසලා හෙන වැඩ්ඩා වගේ පිටි පස්ස හැරෙද්දී සේරි කට ඇරන් Taehyung දිහා බලන් හිටියා.

" ආහ් මේ මං යන්න ඕනේ දැන් රෑ වෙලා.... "

" කොහෙ යන්නද... "

" ගෙදර වෙන කොහෙද !! "

" බබා ඔයා මාව තනියම දලා යන්නද හදන්නෙ. අනික මට තාම හරියට හොදත් නෑ. "

Taehyung ඉනට අත් දෙක තියාගෙන සේරි දිහා බැලුවේ සේරී අත් දෙක ඉස්සරහට බැදගෙන Taehyung දිහා නළල රැලි කරගෙන බලද්දි.

" මට නම් එහෙම දෙයක් පෙන් නෑ Taehyung. අනික මට මෙහෙම නවතින්න ඇදුම්... "

" ආහ් බබා ඔයා කලින් ඕන තරම් මෙහෙ නැවතිලා තියෙනවා. ඔයා ඇදුම් තියනවා මං ළග පරිස්සමට. "

Taehyung කිව්වේ සේරි මික් නැතුව බලන් ඉද්දී. මේ මනුස්සයාට කියලා වැඩක් නෑ. අන්තිමේදී සේරි ඕම්මාට කොල් එකක් අරන් අද ගෙදර එන්න වෙන් නෑ කියලා කිව්වා. අන්තිමේදී සේරි වොශ් එකකුත් දාන් bathroom එකෙන් එළියට ආවා.

" Taehyung මං වෙනම..."

සේරිට කියලා ඉවර කරන්න හම්බුන් නෑ Taehyung සේරි ඇදලා අරන් ඇද උඩට වට්ට ගත්තා.

" ම්ම් ඇයි වෙන කාමරයක්. ඔයා ඕන තරම් මං ළග නිදියලා තියෙනවා සේරි."

Taehyung සේරිව ඉන වටේ අතක් යවලා තව ලගට අරන් සේරිගේ ඇගට උඩින් කකුලක් දා ගත්තා. සේරි ගාව සිතලයි එයා දැනුයි වොශ් එකක් දාන් ආවේ. එයා ළගින් එන සුවඳට Taehyung පුදුම තරම් ආසයි.

" කොහොමද මෙච්චර ලස්සන වුණේ සේරි.. "

Taehyung ගැඹුරු කටහඩකින් හිමින් ඇහුවේ සේරිගෙ කම්මුල් ඇගිලි තුඩු වලින් පිරිමදින ගමන්. Taehyungගේ උණුසුම් හුස්ම එයාගේ බෙල්ල වදින සේරීගේ ඇග දිගෙ හිරියක් ගලන් යද්දි. Taehyung පුදුම තරම් සැහැල්ලුවෙන් සේරිව විදිනවා. ඒ හිනි ඇස් පිහාටු, කොළ පාට ඇස්, රවුම් නහය, ලා රෝසට හුරු සිනිදු කම්මුල්, රතුපාට සියුම් තොල් පෙති. තනිකර පිස්සුවක්.

MY PRINCE 🔥/ 21+|| KTH Onde histórias criam vida. Descubra agora