CHAPTER 20 >>>

361 39 10
                                    

ඒ සතිය ඇහිපිය ගාන පමාවට ගෙවිලා ගියා. සේරි Taehyungට පුලුවන් තරම් ලංවෙලා හිටියා. Taehyung හැමවෙලාවේම සේරිට එයාගේ ආදරේ දැනෙන්න දුන්නා. සේරි Taehyung ගෙන හිතන් හිටපු ගොඩක් දෙවල් බොරු වෙලා. Taehyung එළියට කොච්චර නපුරු චරිතයක් වුනත් ඒ නපුරු චරිතය ඇතුලේ ලස්සන මනුස්සයෙක් ජිවත් වුණා. ඒ මනුස්සයාව සේරි ටික ටික තෙරුන් ගන්න ගමන් හිටියා.

" එන්න බෑ.. එන්න බෑ කියන්නෙ මොකද්ද... "

" සර් ඒ model  හදිසියේ hospital admid කරලා. "

" හරි දැන් තමසේලා කියන්නෙ මේවා ඇදන් මං අතනට යන්න කියලද. සේරම ඉවරයි ආ... "

මිස්ටර් මින්  කෑ ගැහුවේ එයා ඉස්සරහා හිටපු ගෑණු ළමයා විතරක් නෙමේ සේරි පවා ගැස්සිලා යද්දි. ඕහ් Taehyungටම හරියන මනුස්සයෙක්.

" දැන් සර් මගේ ඔලුව කයි. මොකද කරන්නේ. "

Mr min නළල පිරමදින ගමන් කල්පනා කරන්න ගත්තෙ මේ කිසි දෙයක් නොදන්න Taehyung fashion show එක දිහා බලන් ඉද්දී.

" සේරි මට උදව්වක් ඕනෙ. "

" බෑ නම් කියන්න එපා සේරි. අපිට තියෙන්නෙ ටික වෙලාවයි. ඔයාව මේකට ඕනාවට වඩා ගැලපෙනවා කෙල්ලෙ. "

සේරිගෙ ඇස් පොල් ගෙඩි සයිස් වගේ. එයා කොහොමද.... ආශ් සේරි බෑ කියන්න ඔලුව දෙපැත්තට වැනුවේ තාමත් කම්ෆියුස් පිට.

" ටනියා සේරිව ලැස්ති කරලා ගන්න."

එච්චරයි කෙල්ලට මුකුත් කියන්න විදිහකුත් නෑ. සේරිගේ කරුමෙටද මන්දා ඒ ඇදුම සේරිටම කියලා මහලා වගේ කොහොහරි ටනියා අනිත් අය එක්ක එකතු වෙලා සේරිව අන්දලා කරලා ගත්තෙ mr min ගේ මුණේ හිනාවක් ඇදෙද්දී.

Taehyung වොච් එකෙන් වෙලාව බැලුවේ එයාට තවත් මෙතන ඉන්න හිත නොදෙද්දි. සේරි දකින් නැතුව දැන් පැය තුනක් විතර ඇති. අනික මේ සතියම වැඩ නිසා එයාට සේරිව මඟ ඇරුනා. නෑ නෑ ඉතින් Taehyung හිතන්නෙ එහෙම. කොහොමහරි stage එක උඩ ඉන්න කෙල්ල දැකලා Taehyung දෙපාර විතර ඇස්පිල්ලම් ගැහුවා. නෑ නෑ Taehyungගේ ඇස්වල අවුලක් නෙමේ. ඒ ඉන්නෙ සේරි තමා. සේරිව නිකම් වේවුලනවා වගේ මේක ඇදගෙන කොහොමද මෙච්චර සෙනඟ ගොඩක් මැද ඇවිදින්නෙ. මිස්ටර් මින් ටනියා මේක ලෙසියි කිව්වට හිතුව තරම් ලේසි නෑ. අන්තිමේදී ඇස් රතු කරගෙන තමන් දිහා බලන් ඉන්න Taehyung දැකලා සේරිට කෙළ ගිලුනා.  මොකක් හරි අනිත් පාර කටකොනින් හිනා වුණ සේරි ඉස්සරහාට ඇවිදන් ආවේ හැමොගෙම අවදානය එයාට හම්බෙද්දි.

MY PRINCE 🔥/ 21+|| KTH Where stories live. Discover now