14

194 47 168
                                    

මගේ කම්මුල් පාරට රාස්සයව විසි වෙලා ගියා.
වටපිටාවෙ උන් ටික තුශ්නිම්භූත වෙලා ගියා.
එතකොට මං...
මගේ අත පිච්චිලා ගියා!

ඒත් ඒකට කමක් නෑ.
ඔය ගොන්තයට ඔහොම කරලා මදි!
උපන් ගෙයි මෝඩයා!
තේරුමක් නැති මගුල් අල්ලගෙන තමන්වම විනාස කරගන්න හදන බූරුවා!
මට තෝව පේන්න බෑ මිනිහෝ!!

"අඩෝ!!!
තෝ මොකද්ද යකෝ ඒ කලේ??"

එහෙම්මම සින්න ප#ක් මට ගහන්න අත දික්කරගෙන ආවා.
අරූගෙ මොකෙක් හරි හෙන්චයියෙක් වෙන්නැති.
අනේ මටත් මොකෝ!
කොහොමටත් ගුටි කන එකේ කිසිම ප්‍රශ්නයක් මට නෑ.
මං අද මෙතෙන්ට ආවෙම සිද්ද වෙන ඕන දේකට ලෑස්තියෙන්.

"ඒ.. මචං.
ඒක ශේප්!
මේක මුගෙයි මගෙයි වෙන ප්‍රශ්නයක්!
අපි දෙන්නා ඒක බේර ගන්නම්!"

අනිත් එකා මාව කොලරෙකෙන් ඇදලා ගද්දිම අර ගොන්තයා කෑගැහුවා.
මෙච්චර වෙලා මාළු කඩේ වගේ තිබ්බ කච කචේ සේරම උගේ ඒ කතාවත් එක්කම නතර වුනා.

"එහෙමයි කියලා මූට මෙහෙම හැසිරෙන්න දෙන්න බෑනෙ බං.
බලපං නිකං සතෙක් වගේ!
මනුස්සයෙකුට කතා කරන්නවත් දන්නෑ.
මුන් වගේ එවුන් තමයි මේවට ඇවිත් සේරම විනාස කරලා දාන්නෙ!"

ඒත් එක්කම තවත් එකෙක් පටන් ගත්තා.
ඌ මහා බ්‍රහ්මයා වගේ පොරක් වෙන්නැති මං හිතන්නෙ.
ඒකනෙ ඍශිවරයෙක් වගේ අනාවැකි කියන්නෙ.

"හරි හරි මචං!
අපි හැමෝටම යකා වැහිලා ඔය වගේ අවුට් ඔෆ් ට්‍රැක් යන වෙලාවල් තියෙනවනෙ ඉතින්.
මේකත් ඒ වගේ පොඩි මිස්ටේක් එකක්.
මං දැන් මූත් එක්ක එලියට ගිහින් අපේ ප්‍රශ්නෙ විසඳගන්නම්.
උඹලා උඹලගෙ වැඩ කරගනිල්ලකො!"

හැමදාම ගිනි පිඹ පිඹ ඉන්න රාස්සයා මෙන්න බොලේ පිරිත් පැන් ඉහිනවා.
මං හිතන්නෙ අද උදේ උගේ ටූත් බ්‍රශ් එකට දාපු මගේ ශුද්ධ වූ ජලය ටික ගානට වැඩ කරලා.
ගිනි කන්ද ටිකක් විතර නිවිලා.

කොහොම වුනත් මං නම් කතා කරන්න ගියේ නෑ.
උන් උන් කතාව ඉවර වෙනකල් ඔහේ උඩ බලාගෙන හිටියා.
මොකද මං මෙතන කතා කරන්න ගත්තොත් ඒක ඉවර වෙන්නෙ එකෙක් මැරිලා!

ඒ අස්සෙ ඔළුවත් නිකම් පැලෙන්න වගේ රිදෙනවා.
පපුවත් මොකද්දෝ වෙලා.
හුස්ම අල්ලන්නත් අමාරුයි.
සීය.. අනූනවය.. අනූඅට... අනූහත..
මං ගණන් කරන්න පටන් ගත්තා.

කඩතොළුWhere stories live. Discover now