54

87 25 79
                                    

"මොනිකා!!!"

තාත්තා කෑගැහුවා.
අම්මා යක්ශනියක් වගේ තාත්තා දිහා බැලුවා.
වෙන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරුව මං පුටුවක් උඩට කඩාගෙන වැටුනා.

"ඇයි?
කරන්න හොඳ දේවල් කියද්දි අමාරුද?
පුතා වුනත් මේවා දැනගන්න ඕනෙ.
උන් මුළු පවුලම එකයි.
එදා ඉඳන්ම ඕනෙ වුනේ අපිව විනාස කරලා දාන්න!"

"ඒත් ඒක එහෙම වුනේ නෑනෙ.
කවදාවත් කිසිම කෙනෙකුට මේවා විනාස කරන්න මං ඉඩ තිබ්බෙත් නෑ.
තියන්නෙත් නෑ!!!"

තාත්තයි අම්මයි තරඟෙට වගේ කෑගහනවා.
මං ඔළුව බදාගෙන ඒ දිහා බලාගෙන ඉන්නවා.
අනේ දෙයියනේ!
මේ මිනිස්සුන්ගෙ ජීවිතවල හැංගිච්ච රහස් මේ විදියට කොච්චර නම් කියලා ඇද්ද?

"හහ්!
ඒවා ගැන නම් මොකටද කතා කරලා!
පුතා!
කොහොම වුනත් මතක තියාගන්න.
උන්ව ලං කරගත්ත හැම වෙලාවකම අපිව විනාස වෙන්න ගියා.
උන් පිටින් පෙන්නන අහිංසකකම වෙස් මූණක් විතරයි.
යටින් ඉන්නෙ තනිකරම තිරිසන්නු!"

ඒ සැරේ අම්මා මගේ දිහාවට හැරුනා.

"මට කියනවද කරුණාකරලා මෙතන සිද්ද වෙන්නෙ මොකද්ද කියලා?"

"සිද්ද වෙන්නෙ උන් මැරිලා ගිහිල්ලාවත් අපිට පාඩුවෙ ඉන්නෙ දෙන්නැති එක!
අම්මා ඉන්නකල් මේ මිනිහගෙ කරේ එල්ලෙන්න හැදුවා!....."

"මොනිකා!
දැන් ඇති!!!
කරුණාකරලා ඔය කතාව නවත්තගන්න!!"

"ඇයි?
නවත්තගත්තෙ නැත්තම් මොනවා කරන්නද?
මේවා අර මූසල කොල්ලා විනාස කරලා දානකල් උඩ බලාගෙන ඉන්නද?!!!"

"අම්මේ!
හසූට ඔය විදියට කතා කරන්න එපා!!!"

මං මේසෙ උඩ තිබුන මල් පෝච්චිය ඇදලා අරන් පොළවෙ ගැහුවා.
ඒක පුංචි පුංචි කෑලි දාස් ගානට කැඩිලා විසිරිලා ගියා.

"දැන් පුතත් එහෙමද?
අරූ මගෙ පුතාවත් ගොනාට අන්දගත්තද?
ඒත් ඌ හිතාගෙන ඉන්න ඒවා වෙන්නෙ නෑ.
මං කවදාවත් මගේ කොල්ලගෙ ජීවිතේ විනාස වෙන්න දෙන්නෙ නෑ!"

අම්මා තවත් කෑගහනවා.

"පුතා!
දැන් යන්න!"

ඒ තාත්තා.
මෙච්චර වෙලා මට යන්න එපා ඉන්න කිය කිය කෑගහපු මනුස්සයා එක සැරේටම කණපිට ගැහිලා.

කඩතොළුWhere stories live. Discover now