"අද්වී...
යන්න එපා!"ආ??
ඒ වචන සීතල සුලං රැල්ලක් වගේ මගේ කන්වල දැවටුනා.
මං විදුලි වේගෙන් ආයෙමත් හසූගෙ පැත්ත හැරුනා.බොඳ වෙච්ච හසූ කෙනෙක් මගේ දිහා බලාගෙනම යාන්තමට වගේ අත් දෙක දෙපැත්තට දික් කරද්දි,
මේ කිසිම දෙයක් අදහගන්න බැරුව මං හසූ දිහාම බලාගෙන හිටියා."හසූ..??"
මගේ උගුරෙන් ඇත්තටම කටහඬක් පිටවෙනවද කියලා නම් මං දන්නෙ නෑ.
මොකද දඩ දඩ ගගා හතර අතට වේගෙන් විසි වෙවී වැදෙන යකඩ බෝලයක් වගේ මගේ පපුව දෙදරනවා.
ඒ සද්දෙටම මාව බීරි වෙලා යනවා.
එතකොට ඇස් අග්ගිස්සෙ එකතු වෙන කඳුළු වලින්ම මාව අන්ධ වෙලා යනවා.දැන් මගේ ලෝකෙ කිසිම දෙයක් නෑ හසූ..
උඹ නැති මගේ ලෝකෙ නිකම්ම නිකං හිස් තැනක් විතරයි.
කිසිම එලියක්වත් බලාපොරොත්තුවක්වත් නැති ඒ හිස් තැනට වෙලා මං ඔහේ අබ්බගාතයෙක් වගේ බලාගත්ත අත බලාගෙන ඉන්නවා.
ඒත් මට එහෙම ඉන්න ඕනෙ නෑ රත්තරං.උඹට පුළුවන්ද ආයෙමත් මගේ ලෝකෙට පණ දෙන්න හසූ??
කවදාවත්ම මාව දාලා යන්නෙ නැතුව මගේ ලඟට වෙලාම ඉන්න?මහා කුණාටුවක් මැද්දෙ අතරමං වෙලා මං බලාගෙන හිටියා.
ඒත් එකපාරටම මාව ඇදීගෙන ඉස්සරහට ගිහින් රස්නෙම රස්නෙ පපුවක වැදිලා නතර වුනා.
උණුහුමට අත් දෙකක් මගේ ඇඟ වටේට එතුනා.ඒ පපුවත් වේගෙන් ගැහෙනවා.
ඒ සුවඳ ගිනිගන්න මාව නිවනවා."හසූ..
අනේ හසූ..."මං ඉකිගහ ගහ ඇඬුවා.
"අඬන්න එපා අද්වි.
මං එවෙලෙ මෝඩ වුනා.
ඒත් ආයෙ කවදාවත් මං උඹව දාලා යන්නෙ නෑ!"හසූගෙ අත් මගේ පිට පුරා හැමතැනම එහා මෙහා යනවා.
අනේ ඔය තරම් අහිංසක වෙන්න එපා හසූ..
ඇත්තටම මට දරාගන්න බෑ.වෙච්ච හැමදේටම මට බනින්න!
උඹේ ජීවිතේ මෙහෙම විනාස කලේ ඇයි කියලා අහන්න!
උඹට නැති වෙච්ච හැමදේකටම මට වන්දි ගෙවන්න කියන්න!
මගේ ජීවිතෙත් ඒ වගේම විනාස කරලා දානවා කියන්න හසූ..!"අඬන්න එපා අද්වි...
මට සමාවෙන්න...
උඹව රිද්දන්න හිතුවෙ නෑ...""හසූ..හ්
හසූ...හ්
අනේ හසූ...හ්
මං බය වුනා හසූ...
කොහේදෝ මන්දා මූසල කළුවරක් අස්සෙ මාව අතරමං වුනා."