55

82 25 136
                                    

"අපි දෙන්නගෙ මේ සම්බන්දෙන් වෙන්නෙ දෙන්නම තේරුමක් නැති දේවල්වලට නිකරුනේ දුක් විඳින එකයි,
අර මැරිච්ච මිනිස්සු දෙන්නට කිසිම සැනසීමක් නැති වෙන එකයි විතරක් නම්.......
කොච්චර අමාරු වුනත් කමක් නෑ!
.
.
.
අපි මේක මෙහෙම්ම නතර කරලා දාමු!"

"හසූ???!!!"

මං හසූගෙ දිහා බැලුවෙ පපුව හිල් කරගෙන වෙඩිල්ලක් ගියා වගේ දැනෙද්දි.
ඒත් ඌ මගේ දිහා බැලුවෙ නෑ.
ඔළුව අත් දෙකෙන්ම බදාගෙන කකුල් දෙක අස්සෙ ගහගත්තා.

"මට ඕනෙ කලේ මේ හැමදේම උඹත් එක්ක කතා කරන්න විතරයි හසූ...
එහෙම නැතුව උඹටවත් උඹේ අම්මටයි තාත්තටයිවත් අපහාස කරන්න නෙමෙයි!"

මං බලාගෙන හිටියා.
හසූ ඒත් ඔළුව උස්සන්නෙවත් නෑ.
මගේ දිහා බලන්නෙත් නෑ.
ඔහොම තරහා වෙලා ඉන්න එපා හසූ.
ඇත්තටම මගේ පපුව රිදෙනවා.

"මේ සිද්ද වෙන දේවල්වල අගක් මුලක් හොයාගන්න නම් අපි දෙන්නම මේ හැමදේම දැනගෙන ඉන්න ඕනෙ නේද?"

"......................................................"

"හසූ..
උඹට රිද්දන්න ඕනෙ වුනා නෙමෙයි මට!"

එකසැරේටම ඇස් දෙක රතුම රතු කරගත්ත වෘකයෙක් මගෙ දිහා බැලුවා.

"හසූ??
හහ්!
හසූ නෙමෙයි මදහස් කියපං අද්විත!
මොකද උඹේ හිතේ තියෙන හැමදෙයක්ම මං දැන් දන්නවා!"

ඒ වෘකයා මට කඩාගෙන පැන්නා.
මං ගල් ගැහිලා වගේ බලාගෙන හිටියා.

"උඹ ඊයෙ මගෙන් ඇහුවා නේද උඹවද වටින්නෙ නැත්තම් උඹේ අර කසි කබල් කාරෙකද කියලා?
දැන් මම උත්තර දෙන්නම්.
මට වටින්නෙ ඒ මොකක්වත් නෙමෙයි.
මට වටින්නෙ උඹේ දේපල!
ඒවට තණ්හාවෙ තමයි මම උඹව හොයාගෙන ආවෙ.
මොකද මට ගෙවන්න වුනේ හිඟන්නෙකුට වඩා යාන්තම් හොඳ ජීවිතයක් විතරයි.
ඉතින් එතකොට උඹේ ගෙදර තිබුන සැප සම්පත් මට මතක් වුනා.
ඇවිත් උඹව දැලේ දාගෙන ඒ සේරම දේවල් මගේ නමට ලියාගෙන උඹව පාරට ඇදලා දාන්න තමයි මං ප්ලෑන් කලේ!!!"

"හසූ..!!!!"

මගේ ඇඟේ හිරිගඩු පිපුණා.
මොකද මූට මෙච්චර තරහා ගිහින් ඉන්න දවසක් මං දැකලම නෑ.

කඩතොළුWhere stories live. Discover now