chapter 12

394 59 48
                                    


නොදැනිම වගේ සතියක් ගත වුනේ වලව්වෙ ඉදපු සාමාජිකයො ගාන එන්න එන්නම වැඩිකරන ගමන් වුනත් තාමත් එකම එක හිස් තැනක් ඉතුරු වෙලා තිබුනා. බිස්නස් වැඩකට කියලා ගමෙන් පිට ගියත් හරි මේ ගෙවුන සතිය ඇතුලත හැම රෑකම වගේ මට මැසේජ් එකක් දාන්න අමතක කලේ නෑ හාමු පකයා.

අලුත් අවුරුදු දවසට තව සතියක්වත් නැති වෙද්දි මුලු වලව්වම හරි උජාරුවට ලක ලෑස්ති වෙන ගමනුයි හිටියෙ. ගෙදරින් පිට සමරන පලවෙනි අවුරුදු මාසෙ මේක වෙද්දි මට අම්මිවයි තාත්තිවයි නොසෑහෙන්න මතක් වුනා.
එරබදු මල් පොට්ටු පොට්ටු අවුරුද්දත් කිට්ටු කිට්ටු...

අර කොයි වෙලෙත් ආදියාගෙ කරේ ඉල්ලෙන්න බලන් ඉන්න උරචක්කරමාලෙත් එක්ක තව චූටි නංගියෙකුත් වලව්වට ගොඩ වුනා ඊයේ. මං ආදිගේ හොදම යාලුවා කියලා දැනගත්තු පාර ආදිගෙ පස්සෙ වැටිලා ඉදපු ඒකි මගේ පස්සෙ වැටීගෙන ආවේ

"අනේ ලස්සන කොන්ඩෙ දිග සුදු  අයියන්ඩී....මේ අහන්ඩකො..."

"කියන්නකො නංගි බබා.."

"ඔයාගෙ යාලුවට කියන්ඩකො අප්පා මා එක්කලා කතා කරන්ඩ කියලා..."

"අපෝ නංගි බබා ඔහේ පරිස්සමෙන් හොදේ. ඒකාට කැම්පස් එකේත් කෙල්ලො වැහී...වැහැලා හොදේ..."

මං හිටියේ මිදුල මැද නංගිලා දෙන්නා එක්ක බට්ටා පනින ගමන් වෙද්දි චූටි තූර්යා නංගි කොටුවෙන් කොටුවට පනින අතරේ ලිහංසා නංගි ආදීයා ගැන කියවන්න ගත්තා. අනේ මං උබට දෙන්නං මේං කියලා ආදීව.

සත්තයි මං ඉන්නකන් ඕකාට ගෑණු ගන්න දෙන්නෑ.

"අපේ අප්පේහ්... අයියන්ඩි මේ ඇත්තමද කියන්නෙ? අනේ එයා එහෙම නෑනෙ.."

"එයා එහෙම නෑ කිව්ව අයට තමා හොදටම වුනේ නංගි බබෝ"

එහෙම දොඩපු මං තූර්යා නංගිගෙ අතේ තිබුන අඹ ඇටෙත් අරන් ඉස්සරහ තීන කොටුවකට විසි කරලා තනි කකුලෙන් කොටුවක් ඉස්සරහට පැන්නා.

ඇත්තටම මට ආදියා ගැන තිබුනෙ මහ අමුතු හැගීමක්. පොඩි කාලේ ඉදන් පව්ලේ එකම ලමයා වුන මට ඉස්කෝලේ කාලෙදිවත් හරියට යාලුවෙක් හිටියෙ නෑ. ඉතින් යුනී එකේදි මුනගැහුන මේ ආඩම්බරකාරයා මගේ මගේ හොදම යාලුවා වෙද්දි මගෙ හිතට ලොකු හයියක් දැනුනේ.

ශ්වේත අග්නි [yizhan/yoonmin]Where stories live. Discover now