Part 16

54 8 4
                                    

ජිමින් ගිය පසු ජන්කුක් තේහ්‍යුන්ගේ කාමරයට ගිහින් සෝෆා එකෙන් වාඩි වෙලා කෑම ඕඩර් එකක් දැම්මා.ජිමින් තේහ්‍යුන්ව බලා ගන්න කියල ගියපු නිසාම ජන්කුක් තේහ්‍යුන්ගේ කාමරයට වෙලම හිටියා.ටික වෙලාවකින් ජන්කුක් ඔලුව සෝෆා එකට හේත්තු කරගෙන ඇස් පියා ගත්තා.

ජන්කුක්ට එහෙන්ම විනාඩි 10 ක් විතර නින්ද ගියා.ජන්කුක්ගේ ෆෝන් එක හයියෙන්ම රින්ග් වෙද්දි ජන්කුක් නැගිටලා ටක් ගාල ඒක silence කරේ තේහ්‍යුන් ඒ සද්දෙට නැගිටියි කියලා බයටමයි. ජන්කුක් ෆෝන් එකත් අරන් බැල්කනි එකට ගියා.

"හෙලෝ හියුන්...."

ජන්කුක් හරීම ආදරණීය කටහඬකින් ෆෝන් එකට ආන්සර් කරා...

"ඔව් හියුන් මන් වැඩට ඇවිත් ඉන්නේ"

" ඔෆිස් එකේ නෙවේ සර්ගෙ ගෙදර"

"අනේ හියුන් ඇයි කෑ ගහන්නේ."

" මන් ආදරේ ඔයාට විතරයි "

" අනේ ඇයි එහෙම කියන්නේ..."

" හරි හියුන් මන් එන්නම් රෑට "

" අනේ හියුන් දැන් නම් බෑ.."

" මන් රෑට ආවම ඕන දෙයක් කරන්න ප්ලීස් දැන් නම් එන්න බෑ..."

" හරි හියුන් මන් අනිවාර්යයෙන් රෑට එන්නම්..."

" බායි හියුන්.. I love. beep... beep...

ජන්කුක් කියන්න ගිය දේ කියන්න කලින් කායි ෆෝන් එක තිබ්බ නිසා කියන්න ගිය එකේ ඉතිරි කෑල්ල You කියන එක ජන්කුක් දුකෙන් කටත් උල් කරගෙන කියමින් බැල්කනියෙන් කාමරේ ඇතුලට ආව.

කාමරේට එනකොට තේහ්‍යුන් අමාරුවෙන් නැගිටලා ඇදේ හෙඩ් බෝඩ් එකට හේත්තු වෙන්න ට්‍රයි කරනවා ජන්කුක් දැක්ක. ජන්කුක් ටක් ගාල ඇවිත් අතෙ තිබ්බ ෆෝන් එක ඇඳ උඩින් දාල තේහ්‍යුන්ගේ පිටිපස්සෙන් අත දාල තේහ්‍යුන්ව උස්සලා හෙඩ් බෝඩ් එකට හේත්තු කලා...ජන්කුක් තේහ්‍යුන්ගේ නළලට අත තියලා උණ බැලුවා. තේහ්‍යුන් බලාගෙන හිටියේ ජන්කුක්ගේ ලොකු ඇස් දෙක දිහා.වෙනදාට ඈත ඉදන් බලන් හිටපු ඒ ඇස් දෙක අද තේහ්‍යුන්ගේ ළගටම පේන්න තියෙනවා. තේහ්‍යුන් ඒ ඇස් අස්සෙ ගිලිල ඉන්නකොට මැන්ශන් එකේ බෙල් එක වැදුනා.ඒකෙ සද්දෙට තේහ්‍යුන් ගැස්සිලා අහක බලා ගත්තේ ජන්කුක්ද තමා දෙස බලාගෙනම සිටි නිසා.

🖇️The Toxic Lover ⛓Where stories live. Discover now