Part 42

38 7 3
                                    




තේහ්‍යුන් වොශ්‍ රූම් එකෙ හොදට නාන ගමන් හිටියේ. තේහ්‍යුන් අද ඉන්නෙ ගොඩක් සතුටෙන්.උදේ ජන්කුක්ගේ හැසිරීම මතක් උන තේහ්‍යුන්ට සිහින් හිනාවක් ගියා. තේහ්‍යුන් උදේ වුන දේවල් මතක් කර කර ශැම්පු බෝතලේ අරන් ඔලුවට හලාගෙන ඔලුව අතුල්ලන්න ගත්තා.

Flashback °°°

ජන්කුක් තේහ්‍යුන් ඊයෙ රෑ නිදාගත්තෙත් එකම ඇදෙයි. ජන්කුක් පොඩ්ඩක්වත් පැකිලුනේ නෑ තේහ්‍යුන් එක්ක නිදාගන්න. තේහ්‍යුන් ජන්කුක්ව පිටිපස්සෙන් බඳාගෙන නිදාගද්දි ජන්කුක් තේහ්‍යුන්ගේ එක අතක් උඩ ඔලුව තියන් නිදා ගත්තා...

නැගිටිනකොට නම් ජන්කුක් හිටියේ තේහ්‍යුන්ගේ කකුල් දෙක අස්සෙයි! තේහ්‍යුන් හෙන අමාරුවෙන් ජන්කුක් ඇහැරවන්නෙ නැතුව නැගිටලා ඇදෙන් බැහැලා යන්න හදද්දි ජන්කුක් නින්දෙන්ම තේහ්‍යුන්ව ආපහු අතින් ඇදල අරගෙන ඒ අත හයියෙන්ම බදාගත්තා.

Jk : යන්න එපා. මට පාළු හිතෙයි මගෙ හියුන්...

මගෙ හියුන්? තේහ්‍යුන් හදවත ලබ් ඩබ් ගාන්න ගත්තා වේගයෙන්. ජන්කුක් නැගිටලා හිටිය නම් ජන්කුක්ට වුනත් ඒ සද්දෙ ඇහෙන්න තිබ්බා. තේහ්‍යුන් එහෙන්ම එයාගෙ අතින් ජන්කුක්ගේ මූණට වැටිල තිබ්බ කෙස් ටික කන පිටිපස්සෙ රැදෙව්වෙ හරි ආදරෙනුයි.

Jk : යන්න එපා.

ජන්කුක් ආපහු කෙදිරි ගාගා යන්න එපාම කිව්වා.

Tae : මන් ගිහින් ටක් ගාලා එනවනේ...

Jk : ම්හුක්.. පාළුයි..

ජන්කුක් තව ටිකක් තේහ්‍යුන්ව ඇදල ගද්දි බැලන්ස් නැතුව හිටපු තේහ්‍යුන් ජන්කුක්ගේ ඇඟ උඩට වැටුනා.

එතකොටම ජන්කුක් ඇහැරුනා!

ජන්කුක් ඇහැරෙද්දි තේහ්‍යුන් ජන්කුක්ගේ ඇඟ උඩ. ජන්කුක් තේහ්‍යුන්ගේ අත එයාගෙ අත්දෙකෙන්ම තද කරගෙන අල්ලගෙන.

Jk : අහ්ම්.. සොරි..සොරි සර්...

ජන්කුක් ඉක්මනින් තේහ්‍යුන්ගෙන් එහාට වුනා.

Tae : හීනෙන් මගෙ හියුන් කියලා... නැගිට්ටාම සර් කියන්නෙ ඇයි... ඔච්චර නපුරු වෙන්න එපා ළමයෝ.

🖇️The Toxic Lover ⛓Where stories live. Discover now