_01_

661 59 30
                                    

" වලියක්.. "

" ආර්ට් එකෙ උන් එක්ක "

" අර පකය ගෙ ලයින් වැඩියි කොහොමත්.. යමන් "

දහතුන බී සුදු පාට බිත්තිය කොනේ කෙටි බැම්ම ට එහයින් නිල් පාට බෝඩ් එකක ගහලා තිබ්බා. ඇතුලෙ හිටිය කොල්ලො බාගෙට බාගයක් එක පිම්මෙන් ඩෙස්ක් පුටු පෙරලන් දුවන් ගියේ එක රැල්ලක් නැති වෙන්න හදලා තිබ්බ ගුරු මේසෙ රෙද්ද එක පැත්තකින් බිමට තල්ලු වෙලා යද්දි.

" යෙශූ ඇතුලින් ඉදපන් අපි එනකම් එලියට බහින්න එපා "

" ඔය කොස්ස තියලා ඇතුළට පලයන් යෙශූ "

ශෙවීන් එක්ක සදලු බැල්කනි එක අතුගාන ගමන් හිටිය කොල්ලව ක්ලාස් එක ඇතුලට තල්ලු කරලා දාලා එහා පැත්තෙ පඩිපෙලෙන් දුවලා පහලට ගියා. තල්ලු වෙලා ගියපු කොල්ලා අන්තිමට නැවතුනෙ ඉස්සරහ පේලියේ තිබ්බ ඩෙස්ක් එකක් උඩ ඉබේම ඉන්දවිලා..ක්ලාස් එක ඇතුලෙ මෙච්චර වෙලා හිටිය සෙට් එකෙන් දැන් ඉතුරු වෙලා හිටියෙ තව කොල්ලො තුන් දෙනෙක් විතරයි.. ශෙවීන්ල ට අනුව නම් ක්ලාස් එකෙ හිටිය මෙලෝ රහක් නැති තුන් දෙනා. යෙශුල් ට අනුව නම් ක්ලාස් එකෙ ලමයි කියලා කියන්න පුලුවන් මට්ටෙමෙ හිටියෙ මුන් තුන් දෙනා විතරයි.
යෙශුල් කොස්ස පැත්තකින් තියලා දුවගෙන ගිහින් බැල්කනි එකෙන් පහලට එබුනා. හරි ඔය තියෙන්නෙ කුකුල් පොරේ වගේ. මැත්ස් සෙක්ෂන් එක ට අල්ලලාම තමයි ආර්ට් එකේ බිල්ඩිම තියෙන්නෙ. සෙක්ෂන් දෙකේ ක්ලාස් ටික වෙන් වුනෙ බිල්ඩිම් දෙක මැද්දෙන් දෙකම එකට සම්බන්ධ කරලා හදලා තිබ්බ පොඩි පාලමක් වගේ කෑල්ලක් නිසා. වැරදිලාවත් ආර්ට් එකෙ උන් මැත්ස් පැත්තට ඔය පාලම් කෑල්ල පහු කරන් ආවෙ නෑ වගේ ම තමයි මැත්ස් එකෙ උනුත් නිකමටවත් ඔතනින් යද්දි ආර්ට් එක දිහාවට බැල්මක් වත් දුන්නෙ නෑ. ඕවා ඉතින් ආදි කාලෙ ඉදන් එන තරහවල්. දැන් කියලා ඉතින් ඔය තරහවල් නිසා ඇතිවෙන වලි නවත්තන්න ඉස්කෝලෙ ප්‍රින්සිපල්ටවත් බැරි වෙලා තිබ්බෙ. ඒ නිසා කොහොමත් මාසෙකට එක පාරක් හරි අනිවාරෙන්ම සෙක්ෂන් දෙකේ උන් අඩු කඩාගන්නම වලියකට සෙට් වෙනවා. ඒකෙත් හොදම එක කියන්නෙ මැත්ස් සෙක්ෂන් එක කොනේම තිබ්බ යෙශුල් ලයි ක්ලාස් එකට එහා පැත්තෙන් තමයි අර පොඩි පාලම් කෑල්ල තියෙන්නෙ ඊට එහාපැත්තෙන් තියෙන ආර්ට් එකෙ දහතුන එම් එකයි කියන්නෙ තනිකරම වලි කාපර් ලා ඉන්න ක්ලාස් දෙකක්. කෙලින්ම කිව්වොත් ඉස්කෝලෙ නාහෙට නාහන උන් ටික ඔක්කොම ඉන්නෙ ඔය ක්ලාස් දෙකෙ. ඉතින් වලියක් ගියොත් කොහෙහරි කොනක මේ ක්ලාස් දෙකෙ උන් අනිවාරෙන්ම ගෑවිලා ඉන්නවා. තුන්වෙනි තට්ටුවෙ තිබ්බ ක්ලාස් දෙකෙන් පහල හරි මැද්දෙන් හරියටම කිව්වොත් අර සාම තීරුව කියලා නම් කරලා තිබ්බ පාලම් කෑල්ල යට සුදු ඇදුම් ඇදගත්ත උන් මරාගන්නවා. යෙශුල් තව ටිකක් එලියට බෙල්ල දාලා බැලුවා මිසක් නිකමටවත් පහලට බහින්න නම් හිතුවෙ නෑ ඔය ලග පාතකට තමන් ගියා කියන්නෙ ඉතින් ආයිත් කතා දෙකක් නෑ ශෙවීන් ලා ගෙන් වලිය මැද්දෙදිම තමන් ටත් කන්න වෙනවා කියලා යෙශුල් දන්නවා. ප්‍රින්සිපල් ඔෆිස් එක තියෙන්නෙත් ඉස්කෝලෙ මේන් ගේට් එක ලග සෙක්ෂන් හෙඩ් රුම් එක තියෙන්නෙ බයෝ එකේ දැන් මේ වලිය යන්නෙ ඉස්කෝලෙ පිටිපස්ස ගේට් එක ගාව තියෙන බිල්ඩිම් දෙක මැද්දෙ.. ඉතින් ඕක නවත්තන්න කවුරුහරි එන්න ටිකක් වෙලා යනවා. කවුද ඉන්නෙ කියලවත් බලාගන්න බැරි තරමට එතන දෙපැත්තෙම කොල්ලන්ගෙන් පිරිලා. කවුරුහරි බිම වැටිලා ඉන්නවත් ලාවට පේනවා. ඔතන හොදම එක කියන්නෙ දැන් ඔය වලිය ඇතුළෙ ඉන්න උන්ගෙන් අඩුම වුනොත් දෙන්නෙක් දන්නවා ඇති වලියට හේතුව අනිත් උන් කරන්නෙ වලිගෙ පාගගෙන වගේ දකින දකින එකාට කෙලලා අරින එක.

නූබී.. ( BL ) Where stories live. Discover now