_04_

426 55 22
                                    

එකසිය එක අංකෙ ගහලා තිබ්බ මොරටුව පිටකොටුව බස් එකෙන් යෙශුල් ගල්කිස්ස ස්ටේෂන් රෝඩ් එක ලගින් බැහැගත්තා. රතු පාට අත් කොට ටී ෂර්ට් එකට පුරුදු කලු පාට ඩෙනිම ගහගෙන පිටේ එල්ලගත්ත ස්කූල් බෑග් එක එක්ක පිටින් දැක්ක කෙනෙකුට යෙශුල් ව පෙනුනෙ දහය වසරේ පොඩි එකෙක් වගේ. යෙශුල් බස් එකෙන් බැහැලා පාරේ පැත්තකට වුනෙ පපුව එකසිය ගානට ගැහෙද්දි. නුපුරුදු දෙයක් නෙවෙයි අද බස් එකෙදි වුනෙ. කොලබ කොටුවට යන බස් වල කොහොමත් ඔය වගේ දේවල් වෙනවා. ඒ වගේම තමයි යෙශුල් ට ඔය වගේ සිද්ධියක් වුනු පලවෙනි වතාවත් මේක නෙවෙයි. යෙශුල් ට තිබ්බ එකම ප්‍රශ්නය යි ඒ තමන් කොල්ලෙක් වෙලත් ඒ වගේ දෙයක් තමන් ට වුනු එක ගැන...
යෙශුල් බෑග් එකෙ පටි දෙක අත් දෙකට තද කරගත්තෙ කලින් බස් එකෙ හිටගෙන ඉද්දි තමන් ගෙ පිටිපස්සට දැනුන ඒ පිලිකුල් ස්පර්ශය අමතක කරගන්න ඇස් දෙකත් තද කරලා වහගන්න ගමන්. සාමාන්‍යයෙන් ඔය වගේ සිද්දි ගොඩක් ම වෙන්නෙ ගෑනු ළමයින් ට අම්මා එහෙම තමයි කියන්නෙ. ඒ වුනාට යෙශුල් ට ඔය වගේ සිද්ධි වෙන එකේ ලොකු අමුත්තක් නෑ. තමන් කෙල්ලෙක් නෙවෙයි හැමතිස්සෙම පරිස්සම් වෙලා ඉන්න.එහෙම එකෙ වැරැද්ද තියෙන්නෙ කොහෙද කියන්න යෙශුල් ට හොයන්න ඕන වුනෙ නෑ. දැනට අවුරුදු දෙක තුනකට කලින් එකොලහ වසරට ආව ගමන් ම යෙශුල් කලින් නොදැන හිටිය දේවල් ගොඩක් එකසැරේ ම ඔලුවට ආවා. එක දිගට ආව ආදර ඇරයුම්... යෙශුල් ට පුදුමයක් ගෙනාවා මොකද ඒ ආව හැම එකක්ම අවේ පිරිමි ලමයින් ගෙන් වුනු නිසා.. එදා යෙශුල් තමන් ට කියලා හිටිය එකම යාලුවගෙන් ඒකට හේතු අහද්දි ශෙවීන් ගෙන් ලැබුනෙ පොඩි උත්තරයක්...

" උබ පොඩ්ඩක් ගෙදරදි කන්නාඩියක් ඉස්සරහට ගිහින් වටයක් කැරකිලා බලපන් උබට ම තේරෙවි "

එදා ම යෙශුල් ගිහින් ගෙදර ඇතුලෙ තිබ්බ එකම කන්නාඩිය වුනු අගල් ගානක් වෙච්ච කැඩිලා ඉරි ගිහින් තිබුණු වීදුරුවෙන් තමන් දිහා බැලුවා. හැබැයි ඒ අතේ වැලමිට ලගටවත් දිග නැති පොඩි වීදුරු කෑල්ලෙන් යෙශුල් ට බලාගන්න පුලුවන් වුනෙ තමන් ගෙ මූන විතරයි. කොල්ලට තිබ්බෙ කුතුහලයක්.. ශෙවීන් කියපු දේ නිසා ම කොල්ලා එදා එක පිම්මෙන් දුවන් ගිහින් නෙහාරි අක්කලයි ගෙදර තිබ්බ කබඩ් එකෙ පැත්තක සෙට් කරලා තිබුනු උස කණ්නාඩියක් ඉස්සරහින් හිටගත්තෙ ඇදන් හිටිය යුනිෆෝම් එක පිටින්මයි.
එදා තමයි යෙශුල් ජීවිතේ පලවෙනි වතාවට තමන් ව හරියට සම්පූර්ණයෙන්ම දැක්කෙ... නෑ තමන් දිහා යෙශුල් පලවෙනි වතාවට ඕනකමින් බැලුවෙ එදා.
යෙශුල් කියන්නෙ පිරිමියෙක්... නියම පිරිමි කම පේන රූපයක් යෙශුල් ට තිබ්බා. හැබැයි තමන් ගෙ වයසෙ අනිත් කොල්ලොන් ට වඩා යෙශුල් පොඩියි. කොල්ලා මිටියි කෙට්ටු යි. ඒ වගේම තමයි යෙශුල් ට තිබ්බෙ මී පැණි පාට හමක් අව්වට දිලිසෙන වතුර වැටුනත් දිලිසෙන හමක් යෙශුල්ට තිබ්බා. අනිත් කොල්ලොන් ට තලෙලු පාට හමක් උරුමකම් තියෙද්දි යෙශුල් ඇගිල්ලකින් ඇන්නත් පාර හිටින තරමෙ සිනිදු සුදු හමකට උරුමකම් කිව්වා. බෙල්ලට උඩින් ලාවට ඇවිල්ලා තිබ්බ උගුරු ගැටය.. හිනී දිග ඇගිලි.. ඇගිලි එක්කම අත උඩට ඇවිල්ලා තිබ්බ නහර නිල් පාට කලු පාට අත උඩට යනකම් ටිකක් කැපිලා පෙනුනා. ශෙවීන් නම් කියන්නෙ කොල්ලගෙ අතේ පේන නහර නිසා යෙශුල් ව අල්ලන්නත් බයයි කියලා. දුක හිතුනම ලැජ්ජා හිතුනම රතු වෙන කම්මුල් දෙක තරහ ගියාම රතු වෙන කන් පෙති දෙක බය වුනාම ඇග පුරා පිපෙන හිරිගඩු..
යෙශුල් ඇදන් හිටිය යුනිෆෝම් එකෙ ෂර්ට් එක බඩින් ටිකක් උඩට ඉස්සුවා ඇගට ඇලිලා නොතිබුණාට බම්ප් වෙන බඩක් කොල්ලට තිබ්බා. උඩට ඇවිල්ලා තියෙන නාභිය උඩ පලවෙනි වතාවට යෙශුල් එදා එයාගෙ ඇගිලි ගෙනිච්චා එක අතකට අල්ලගන්න පුලුවන් තරමෙ හිනී ඉග. යෙශුල් ට එදා හිතුනා තමන් ඇත්තටම හරි ලස්සනයි කියලා. ඉස්කෝලෙ ඉන්න අනිත් කොල්ලොන්ට වඩා තමන් ගාව වෙනම පෙනුමක් තියෙනවා කියලා. කෙල්ලෙක් ට වඩා ලස්සනයි කියන්න බෑ ඒ වුණාට යෙශුල් ගාව තිබ්බෙ තව පිරිමියෙක් ට වුනත් හැගීමක් ඇති කරවන්න පුලුවන් තරම් ලස්සන ඇගක්. එදා කොල්ලට තේරුනා ගෑනු ළමයින් ගෙන් එන්න ඕන ආදර යෝජනා පිරිමි ලමයිගෙන් තමන් ට ලැබෙන්න හේතුව.

නූබී.. ( BL ) Where stories live. Discover now