_03_

354 56 9
                                    

යුනිෆෝම් එක පිටින් ම යෙශුල් වැලි පාර දිගෙ දුවන් ගිහින් රේල් පාර පැනලා නැවතුනෙ කොන්ක්‍රීට් දාපු අලුතින් කාපට් කරපු පාර කෙලවරේ තිබුණු කඩේ ගාවින්. ඉස්කෝලෙ ඉවර වෙලා ආව පොඩි උන්ගෙන් එතන පිරිලා තිබ්බ නිසා යෙශුල් ඉන ගාවට උසින් හිටිය පොඩි ඇච්චො ටිකගෙ ඔලුවලින් අල්ලලා උන්ව එහාට කරලා පොඩි කඩ කෑල්ල ඇතුලට රිංග ගත්තා.

" සයිලන් ඇන්ටි මයිලො පැකට් එකක් දෙන්න කො "

" උබලයි අම්මා නැද්ද කොල්ලො කාලෙකින් කඩේ පැත්තෙ ආවෙ නෑනෙ බන් "

" අම්මා වැඩට ගිහින් දැන් ආවෙ "

කොල පාට මයිලො පිටි එක එක අතකට ගත්ත කොල්ලා රුපියල් දාහෙ කොලෙ සයිලන් ට දිග් කරලා ඉතුරු සල්ලි කොල ටිකත් අතේ මිටි කරගෙන එලියට පැන්නෙ තව ඔතන හිටියොත් විනාඩි ගානක කතාවකට අහුවෙනවා කියලා දන්න නිසා.' සයිලන් ඇන්ටි ' නම කිව්වම මුලු පැත්තම අදුරනවා. පොඩි නයිටි කෑල්ලක් ගහන් මුලු පාරවල් පුරාම රවුම් ගහන ගෑනු පිරිමි  ඕනම ජාතියෙ මිනිහෙක් එක්ක කටගහන් ගිහින් පරාද කරන්න පුලුවන් වුනෙ සයිලන් ඇන්ටි ට විතරයි. වැල්ලට පොලීසියෙන් පනින සයිලන්සර් සද්දෙ ඇහෙද්දිම පලවෙනියටම වැල්ලට ආරන්චිය ලැබෙන්න ' සයිලන් ඇන්ටි ' ගෙන් වුනු නිසා
දන්න කාලෙක ඉදන් ම ' සයිලන් ' කියන නම ඒ ගෑනු රූපෙ එක්ක බැදුනා.

" උබ ඔය පැනගෙන යන්නද හදන්නෙ ටිකක් ඉදලා පලයන් කො කඩේ වැඩ වගේකුත් තියෙයි කරගන්න "

" හවස් වෙන්න එන්නම් "

දෙපැත්ත බලලා අව්වට ගින්දර වගේ රත් වෙලා තිබ්බ රේල් පීලි අතරින් පැනලා යෙශුල් ආයිත් නවතින්නෙ නැතුව පොඩි කොල්ලො සෙට් මැද්දෙන් ආපු පාරමේ දුවන් ගියා.

ඉස්සරහ බිත්තිය ලෑලි වලින් හදලා තිබ්බ දොරක් කියලා නාමයක් නොතිබ්බ සුදු හුණු වලින් පාට ගාල තිබ්බ පොඩි ගෙදරක්... ගෙදරක් කියන්න බැරි තරමේ අඩුම පහසුකම් වලින් හදලා තිබ්බ පුංචි කාමරයක් කියලා කියන්න පුලුවන් මට්ටමෙ ගෙදරක්. ඉස්සරහ ලී වලින් හදලා තිබ්බට පිටිපස්ස බිත්ති ටික හදලා තිබ්බෙ ගඩොල් වලින්. ජනෙල් දෙකකට හදලා තිබ්බ තැන් දෙක නිල් ඉටි කොල වලින් වහලා තිබ්බා. බිත්ති හතර මැද්දෙ තිබ්බෙ ලී වලින් හදපු වහලෙ එල්ලුනු කහ පාට බල්බ් එක විතරයි. ලී වලින් හදලා තිබ්බ පොඩි මේස කෑල්ල උඩ පොත් වලින් එක පැත්තක් පිරිලා තිබ්බා. දිරලා ගියපු ලී වලින් හදලා තිබ්බ පොඩි කබඩ් කෑල්ලෙ එක පැත්තක දොර ඇරිලා. මුහුදු හුලග නිසා මල බැදුනු යකඩ බඩු ඇතුලෙ බිමේ හතරෙන් එකකම අයිතිය අරන් තිබ්බා. ඒ බිම් අගල කියන්නේ ගෙදරක් නොකියා බැරි ගෙදරක්..

නූබී.. ( BL ) Where stories live. Discover now