‼️පළමු දිගහැරුම‼️

161 3 16
                                    

අන්ධකාරයෙන් ගිළුණු කාමරයේ අදුර තරමක් අකා මකා දැම්මේ කුඩා විදුලි බුබුළක එළියකිනි. කාමරයේ එක් පසෙක ඇඳක් තිබුණු අතර ඒ ඇඳෙහි පුද්ගලයෙකු ගැට ගසා තිබුණි. ඔහු සෙමින් සෙමින් දෑස් විවර කළා.

"අහ්ම්....මම මේ කොහෙද ඉන්නේ?"

ඔහු අපහසුවෙන් වටපිට බැලූ විට ඒ ඔහුගේම කාමරය බව ඔහුට වැටහුණා. නමුත් ඔහු රාත්‍රියේ නිදා ගත් ඇඳෙහි ඔහුව බැඳ තැබුවේ කවුරුන්ද? මුළු කාමරයම අඳුරේ ගිලී තිබුණි. ඔහු තමා බැඳ තිබූ බැමි වලින් දෑත් නිදහස් කර ගැනීමට උපරිම උත්සහයක නිරත වූවත් එය නිරර්ථක වූයේ ඒ බැමි ඉතා තදින් දමා තිබූ බැවිනි.

නිහඬබව බිඳලමින් ඇසෙන පා හඬ, එම කමරයේ තවත් පුද්ගලයෙකු සිටින බව හඟවයි. ඒ සමඟම සිගරට් දුමකින් ඔහුගේ නැහැ පුඩු පිරී ගියා. ඔහුගේ කාමරයේ සිටින මේ අනෙක් පුද්ගලයා කවුදැයි ඔහුට දැක ගැනීමට අවැසි වුවත් ඔහුට එය කළ නොහැකි වූයේ ඔහුව බැඳ තිබූ බැවිනි.

"මොන මගුලක්ද මේහ්? කවුද මාව මේ ඇඳේ ගැටගැහුවේ. කවුද මාත් එක්ක මේ සෙල්ලම් කරන්නේ?"

ඔහු කෝපයෙන් කෑ ගැසුවේ උන්මත්තකයෙක් ලෙසිනි. ඔහුගේ මුහුණෙන් දහඩිය බිඳු කිහිපයක් පහලට කඩන් වැටුනේ ඔහුගේ සිතෙහි පැවති බිය මතු වීම නිසයි. එකෙනෙහිම වසා තිබූ ජනෙල් විවර වී තිර රෙදි ඒ මේ අත වැනෙන්නට පටන් ගත්තේ ඔහුව තවත් බිය වද්දමින්. ඔහුගේ හදවත වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා.

ඒ පුද්ගලයා ඔහුගේ ඉදිරියට පැමිණියා. නමුත් ඔහුව පැහැදිව දැක ගැනීමට නොහැකි වූයේ අඩ අඳුර සහ ඔහු පිටුපා සිටීම හේතුවෙනි.

"මොන මගුලක්ද තමුසේ කරන්නේ? ඇයි මට මෙහෙම වද දෙන්නේ? තමුසේ කවුද? මට පාඩුවේ ඉන්න දෙනවා. නැත්නම් මාව එකපාරම මරලා දාපං"

ඔහු තවත් හයියෙන් කෑ මොර දුන්නේ බියත් කෝපයත් මුසු වූ ස්වරයකින්. එකවරම ඒ පුද්ගලයා ඔහුගේ මුහුණ සමීපයටම පැමිණ ඔහු දෙස බැලුවා. නමුත් ඔහුගේ වෙස් මුහුණ ඔහුගේ අනන්‍යතාව වසා සිටියා. ඔහුගේ දෑස් කෝපයෙන් දිලිසෙනවා.

"ඔහ්.....මිස්ටර්, එච්චර ලේසියෙන් ඔයාට මැරෙන්න දෙන්න බෑ.තමුන් තව විඳවන්න ඕනේ. තව තව විඳවන්න ඕනේ."

සමච්චල් සහගත හඬකින් ඔහු පැවසුවා.

" තමුසේ කවුද කියනවා. තමුසේ මාත් එක්ක මේ කරන සෙල්ලම දැන්ම නවත්තනවා."

"අයියෝ...මං තාම හරියට සෙල්ලම පටන් ගත්තේවත් නෑ."

" පිරිමියෙක් වගේ වැඩ කරනවා. හැංගි හැංගි බය කරන්නේ නැතුව."

"එතකොට මේකේ කිසි ජොලියක් නෑනේ. තමුන් මෙහෙම බයේ දඟලනකොට මට මාර සතුටක් දැනෙන්නේ"

"අහ්හ්හ්.....මාව මරපං....මට වද නොදී මාව මරපං."

"ඔහ්හ් මැරෙන්න ඒ තරම් ආසද ඔයා?"

මද වෙලාවක් කාමරයේ දැඩි නිහැඬියාවකින් පිරී ගියා.ඒ නිහැඬියාව බිඳිමින් රාත්‍රී දොළහේ කණිසම දක්වමින් ඔරලෝසු බට්ටා හැඬීය.

"හරි, එහෙනම් ඔයාගේ කැමැත්තක්."

ඒ පුද්ගලයා එකවරම ඔහු අතෙහි වූ කිනිස්සකින්, ඇඳෙහි බැඳ තිබූ පුද්ගලයාගේ ලයට පහර දුන්නා.එකෙනෙහිම ඇඳෙහි බැඳ සිටි පුද්ගලයා වේදනාවෙන් කෑමොර දුන්නා. සියල්ල සිදු වූයේ ඇසිපිය සලන නිමෙසකිනි.මුළු කාමරයම පිරී ගියේ වියරු සිනහවකිනි.

°
°
°
°
°
°
°
°
°
°
°
°
°
°
°
°

හහ් හහ් හා.......(අර කියපු වියරු හිනාව බව කරුණාවෙන් සලකන්න.😂🥲)

ඔන්න ඉතිම් පළවෙනි එපිය දුන්නා. හරි හරි මං දන්නවා කෙටියි කියලා ඒත් පොඩ්ඩක් අවුස්සලා නවත්තන එක වෙනම ජොලියක්.😁

මේ කතාවේ ගොඩක් වෙලාවට කෙටි එපි තමයි දාන්නේ මම. ඔන්න පළවෙනි එකෙන්ම එකෙක්ව මැරුවා. මොකද කියන්නේ හැම එකේම එක එකාව මරමුද? 🌝👉👈

මේක මගේ දෙවෙනි කතාව නිසා අඩුපාඩු ඇති. හොඳ නරක කියාගෙන යන ගමන් ඔය නිකං වේලි වේලි තියෙන තරුවත් ඔබාගෙන යමු.

Vote කරන comment දාන හැමෝටම ආදරෙයි. හොරෙන් කියවලා යන ඔයාටත් ඉතිම් ආදරෙයි.🌝❤️






Deja Vu _BL Non-Fic_ [Ongoing]Where stories live. Discover now