‼️අටවන දිගහැරුම‼️

47 2 14
                                    

මද වේලාවකින් සාජන්ට් උපුල්  මදාරා සිටි කාමරය වෙත පැමිනියා.

"මැඩම් වාහනේ අයිතිකාරයව හොයා ගත්තා"

"කවුද ඒ?"

"මැඩම් වාහනේ රෙජිස්ටර් වෙලා තියෙන්නේ තේව් යුගාන් ගජේන්ද්‍රසිංහ කියලා කෙනෙක්ගේ නමට

ගජේන්ද්‍රසිංහ!” මදාරා විමතියෙන් පැවසුවා.

“ඒ කියන්නේ දැන් අපිට ගජේන්ද්‍ර වලව්වට යන්න වෙනවා.” මදාරා සිතන්නට වුණා.



+++++++++++++++++++++++++++++++++++++++++



මදාරා නැවතත් මයිනා ජීවත් වූ මහල් නිවාසයට පැමිනියා. ඇය ජයකොඩිගේ නිවසේ සීනුව නාද කර දොර විවර වන තෙක් බලා සිටියා. ජයකොඩි නිවසේ දොර විවර කළා.

මැඩම්! මොකක් හරි ප්‍රශ්නයක්ද?”

ඔහ් නෑ නෑ මිස්ටර් ජයකොඩි. මම මේ ආවේ පොඩි දෙයක් දැන ගන්න

එන්න මැඩම් ඇතුලට.”

මදාරා නිවස තුලට ගොස් අසුන් ගත්තා.

මිස්ටර් ජයකොඩි මම ඇත්තටම ආවේ එදා ඔයාලා ඕඩර් එක දුන්නු කෙනා ගැන පොඩ්ඩක් දැන ගන්න.”

හරි මැඩම්.”

මිස්ටර් ජයකොඩිඕඩර් එක දුන්න කෙනාගේ නම ඔයාට මතකද?”

ම්ම්ම්…..එයාගේ නම නම් මට කිව්වා මැඩම්. හැබැයි ටිකක් අමුතු නමක් තිබ්බේ. මෙහ් මොකක්ද….. හරියටම මතක නෑ…….” ඔහු මදක් කල්පනා කර්න්නට වුණා.

Deja Vu _BL Non-Fic_ [Ongoing]Where stories live. Discover now