3

177 32 6
                                    

" අම්මෙ මේ.. ඇයි අර පර සුද්දා මෙහේ නවතින්නෙ?" මම ඇහුවෙ අම්මගෙ පස්සෙන් කුස්සියට යන ගමන්. මේක දෙකෙන් එකක් බේරගන්න ඕනා. අපේ අම්මට තව පුත්තු ඕන්නෑ.

" පුංචප්පු මනුස්සයෙක්ට හරියට කතා කරන්න ඉගෙන ගන්නවා. මේක හොඳට අහගන්න.. සුදු පුතා මේ බදාදා අලුත් කම්පැනියෙ වැඩ භාරගන්නවලු. අර ටව්මෙ තියෙන්නෙ නෙහාරා ෆැශන්.. ඒකෙ අලුත් මැනේජර්.. ඉතින් ඒකට යන්න නම් මුන්දලමෙ ඉදන් උට හැමදාම යන්න එන්න බෑනෙ බන්.. ඒක කියද්දි උබලෑ අප්පච්චි තමා මගෙනුත් අහන්නෙ නැතුව මෙහෙ නවත්තගමුයි කියල තියෙන්නෙ අර ගෑණිට. මමත් මේ මහ උන්දැව අල්ලගන්න ඉන්නේ.."

සැක් වැඩේ කැතයි අප්පච්චි ඇයි එහෙම කළේ ඔයා..
" ආහ් සුදු පුතා එන්න වාඩිවෙන්න .. මේ කැවිලි තියෙනව කනවද?" ඕන් අපේ අම්මා වෙස් මාරු කළා කුස්සියට ඇවිදන් එන එකාව දැකලා. කටුස්සො පරාදයි.
අරූ හිනාවෙලා ඉදගත්තා. යකෝ මේ ගෙදර ඉන්න එකා හිටගෙන.

"එපා අම්මා.. පස්සෙ කමුකො. මං දැන් දිගටම ඉන්න නිසා කොහොමත් මං කැමති කෑම හදවන් කන්න බලන් ආවෙ මම. මට පුංචි වුනත් මතකයි අම්මගේ සම්බෝලයි බතුයි වල රස.."
සංසාරෙ... මොනාද මූ කියවන්නෙ මේ. අපෙ අම්මා ඉන්නෙ මට උයා දෙන්න තොට නෙමෙයි. අම්මා කටත් ඇරන් බලන් හිටියා. ඉමෝශනල් වෙලා. අරූ හිනාවෙවී කිව්වෙ හෙනම සතුටකින් වගේ. එක්කෝ මූට එංගලන්තෙන් කන්න හම්බෙලා නැද්ද

" අනේ සුදු පුතේ.. උබ මං හිතුවට වඩා හොඳට හැදිලානෙ.. රට ගියාම අනික් එවුන්ට ඒකෙ උශ්නෙ ගහල සිංහලත් අමතක කරන එකේ. උබ මගේ සම්බෝලෙ අමතක කරලා නෑනෙ.." අම්මා අඩන්න ඔන්න මෙන්න කියල අරූව බදාගත්තා. ඌත් පොඩි එකා වගේ අම්මට තුරුල් වුනා. හරි දැන් මෙතන මම මොකාද.. මූ එක්කලා මට තරහයි. අම්මා මාව තුරුල් කරගත්ත දවසක් මට මතක නැ. අනික මම තුන්වෙනියෙක් වෙලානෙ..

ඈතින් ඇහුනෙ බයිසිකල් රේස් එකේ අනවුන්සින්ග් වල සද්දෙ. එතකොටම නංගි කෑගහගෙන ආවා." අනේ අම්මේ අවුරුදු උත්සවේ ඉවර වෙයි මෙහෙම ගියොත්. අපි යන්නැද්ද? "

" ඔව්මනේ.. පුංචො.. උබ පලයන් අයියයි නංගියි එක්කලා. අප්පච්චිව එවන්නයි හිතන් හිටියෙ උබල එක්ක. ඒත් දැන් මේ සුදු පුතා ඉන්නවනෙ. අවුරුදු උත්සවයක් බලපු කාලයක් මතකත් නැතුවැති මගෙ දරුවට. සුදු පුතාගෙ අකමැත්තක් නෑ නේද?"

නාඹරWhere stories live. Discover now