❤️ CHAPTER 26 ❤️

40 6 3
                                    

"හෙලෝ කුකි"

"............."

"ආවාද? ගේට් එක ගාවද ඉන්නේ...?"

"..........."

"හරි මන් එන්නම්. පොඩ්ඩක් ඔහොම ඉන්න.."


හාරි කෝල් එක කට් කරලා කපටි හිනාවක් එක්ක යේජින් ගේ පැත්ත හැරුනා..හාරි ගේ හැසිරීම තේරුනේ නැති යේජින් අමුතු ජීවියෙක් දිහා බලන් ඉන්නවා වගේ හාරි දිහා බලන් හිටියා..


"කුකීද කතා කලේ? ගේට් එක ගාවද කියලා ඇහුවේ මොකද ? ඇයි උබ එන්නම් කියලා කිව්වේ ?"


යේජින් අහගෙන අහගෙන ගියා. යේජින් ගේ කට අතකින් වැහුව හාරි සන්සුන් වෙන්න කියලා යේජින්ට කිව්වා..


"දැන් තමයි මිශන් එක පටන් ගන්න හොදම වෙලාව... මේවා පරක්කු කරන්න හොදනෑ. යන් පල්ලෙහාට ඉක්මනට"

"මොකක් ...?"


හාරි කිව්වා හරුපෙන් දශමයක් වත් නොතේරුන යේජින් බලන් ඉද්දී හාරී යේජින්ව පඩරැලක් ඇදිලා යනවා වගේ දොරත් ඇරගෙන පල්ලේහාට ගිහින් ගේට් එක ගාවට ගියා.. ගේට් එකේ දොර ඇරිය ගමන් එතන ඉස්සරහ හිටිය ජන්ග්කුක් ව දැකලා යේජින් පුදුම උනා..


"උබට විතරද සප්‍රයිස් දෙන්න පුලුවන්..."

"ජන්ග්කුක් කොහෙද මෙහෙ ... හෙට නේ අපි මීට් වෙමු කිව්වේ ...මිහූ ඔයත් ආවාද මේ හවස හතටත් ලගයි. හොයන්නේ නැද්ද කට්ටිය ඔයාලාව..."

"උබ ජිමින් සර් ව හම්බෙන්න පල්ලේහාට ගිය වෙලාවේ මායි ටේහ්‍යුන්ග් සර් උයි අර හොසෝකුයි එකතුවෙලා මේ ගැන පොඩ්ඩක් කතා කරලා පස්සේ කුකීට කෝල් කරලා කිව්වා හවසට මෙහෙ එන්න කියලා. ප්‍රොෆෙසර්ස්ලාගෙනුත් අවුලක් නෑ කිව්වා..ඉතින් මන් එන්න කිව්වා මේ මිශන් එක කල් දාන එකේ කිසිම තේරුමක් නෑ ඒ නිසා මේක ඉක්මන් කරමු.. ඉක්මන් වෙන තරමට උබත් කැමති නේ 😏"

"ගෝඩ් ඔයාලා නම්. මට කිව්වා නම් මන් කීයටවත් එන්න දෙන්නෙ නෑ.. අනික මීහූ මේ රෑ ඔයත් කුකීට තේරුම් කරන්න තිබ්බා... මොකේද ආවේ ඔයාලා.."

✡❦ 𝕃𝕠𝕧𝕖 𝕆𝕗 𝕊𝕠𝕦𝕝𝕤 ❦✡ | PJM |Where stories live. Discover now