19 වන දිගහැරුම 📚

104 15 7
                                    

" සාදු....සාදු....සාදු..."

උදැසන අට පසු වි විනාඩි තිස් දෙකයි..පාන්දර හතරට අපිත් අවදිවෙලා නලා පිරිසිදු වෙලා ඉයෙ ඉදන් නින්දක් නැතුව වැඩ කරන අයට පොඩි සප් එකක් දුන්නා..හාමුදුරුවෝ වඩින්න ලගයි කියලා ශාවිගෙ අම්මා අයෙ අපිව නාන්න යැව්වා අයෙ නලා හතර දෙනාම එක වගෙ නිල් ඩෙනිමට අත් වැලමිට ලගට නවපු අත් දිග ශර්ට් ඇදලා හිටියෙ..බණ අහලා හමුදුරුවො දානෙත් වලදලා අයෙ පන්සලට වැඩියෙ ඔය පුතලා හතර දෙනා නම් හරිම පින් පාටයි කියලා..අපේ හාමුදුරුවනේ පුතලා තුනයි ඉන්නෙ කියන්න කසුනා කට අරිද්දිම ශාවි ඉක්මන් වෙලා හාමුදුරුවනෙ අපි හවසට ඒ පැත්තට එන්නම් කො කිව්වා..මෙච්චර වෙලා බණ අහලාත් මෙකි මිනිස්සු රවට්ටනවා නෙ උබව නම් යමරජ්ජුරුවො වත් ගන්නෙ නැ..

" පුතලාත් කන්න බඩගිනි ඇති නේ.."

" අනේ සදමිනි.."

බඩට යමක් දාගන්න යන්න හදද්දිම දිග සුදු සායට අත් දිග සුදු බ්ලවුස් එක ඇදලා ස්ට්‍රේට් කරපු කොන්ඩේ කඩලා දලා රතු පාට ලිප්ස්ටික් එකක් ගාපු ඇන්ටි කෙනෙක් කැගහාගෙන ඇවිත් ශාවි ගෙ අම්මාව බදා ගත්තා..අපි හතර දෙනා ශාවි දිහා බැලුවාම ඒකි මුනෙන් අපො මල වාතේ වගේ රියැක්ශන් එකක් දැම්මෙ..

" සොරි කෙල්ල මං එන්න ටිකක් ලේට් උනා..."

සැලොන් එකට ගිය නිසා වෙන්න ඇති මයෙ හිතේ..

" අහ් එකට කමක් නැ.."

එත් එක්කම කොට ගවුමක් ඇදපු කොන්ඩෙ කඩලා ලොකු බෝ කට්ටක් ගහපු කෙල්ලෙක් අපි ලගට ඇවිත් හිට ගත්තා..ශාවිව දැකලා කොන්ඩ කැල්ලකුත් කන පිටි පස්සෙ රදවගෙන මනමාල හිනාවක් දැම්මා.. ඔයට වැරදිලා නංගියා ලොකුවටම වැරදිලා..

" මේ පුතා කවුද දුව බදින්න ඉන්න බොයිද..පුතා නුවර ලමයෙක් ද..මට සදමිනි කියලා තියෙනවා දුව නුවර කැම්පස් එකට යන්නෙ කියලා එහෙදිද ඔයලා හම්බවුනේ..ලැජ්ජ වෙන්න එපා පුතේ කො අපෙ කෙල්ල.."

" හැහ්.."

කෙලියා තාප්පෙට මොකක්ද යකො ඒ වුනේ..පවුඩර් ඇන්ටි ශාවි ව පෙන්නලා ශාවි බදින්න ඉන්න කොල්ලද ඇහුවාම ශාවි විතරක් නෙවෙයි අපිත් කම්පියුස් උනා ශාවි අම්මා නම් හිනාව නවත්ත ගන්න තොල හපාගෙන ඉන්නවා..හැබැයි ලොකු බෝ කට්ටක් ගහපු නංගි ගෙ මුහුන නම් අටපට්ටම වගෙ උනා..

නොනිමි (Yizhan)Where stories live. Discover now