උදේම හැරුන මම ටපස් ගාල වොශ් දාගත්තා දාගෙන මම යුකීට කෝල් එකක් අරන් රෙදි අදින්න ගත්තා මේ පගා ෆෝන් ආන්ස කරන්නෑනේ  ආ හරි හරි ආන්ස කලා

"පගෝ අද උබ මොකේද යන්නේ "

" අද පයින් යන්නේ ඇයි අහන්නේ "

" අනේ පගෝ මාව ගන්න වරෙන් ටැක්සියක හරි අර රයන් පගාට එන්න කියන්න බෑ කේලමා "

" හා හා අඩෝ කන්න මොනරි හදපන් "

" හ හා යකෝ "

මම ලෑස්ති වෙලා සැන්විච් ටිකක් හදලා වොලට් එකයි පොත් ටිකයි වතුර බොතලෙයි ප්‍රැක්ටිස් කිට් එකයි ගිටා එකයි දාගෙන මිල්ක්ශේක් දෙකක් එක්ක  මගේ චොකෝ ටිකත් බෑග් එකට දාගෙන අරූ එනකන් හිටියා

" මම ආවා වරෙන් මේ ටුක් ටුක් අංකල්ට පරක්කු වෙනව "

අරු කෑ ගහද්දි මම දුවන් ගිහින් කැබ් එකට නැංගා

" අඩෝ මේ උබ දැන් bf කෙනෙක් නේ "

" කාගෙද "

මම බැලුවෙ කාගෙ කෑල්ලද කියලා මිල්ක් ඩැඩ්ට ඩෝක් ජම්පින් කිව්වලු විහග අයියට කැමත්ත දුන්නන්නේ

" උබේ කෑල්ලෙ නම මතක නැද්ද බොට "

" ආහා මතකයි මතකයි උබේ ඔය කට වහන් ඉදින් "

යුකී සක්කිලි කතාවක් කියන්න ගියත් විහග අයිය කෝල් එකක් ගත්තා මට

" හෙලෝ අයියේ "  

" බබා ඉස්කෝලෙ එනවද "

" ඔව් අයියේ මේ කැබ් එකේ ඉන්නේ "

"හා හා බබා  පරිස්සමින් එන්න හිටපන් උබ ඔය ෆෝන් එක ඉස්කෝලෙ අරන් එනව කියන නම් එපා "

" හේ අරන් එනව අද ක්ලාස් වලට ගම්පහ යන්න ඕනෙ ඒකයි අරන් එන්නෙ "

"  ගෙනල්ලා මට දීපන් ප්‍රිෆෙට් රූම් එකේ තියාගන්න මමත් ඉස්කෝලෙ ඉන්නේ "

" හා අයියේ ඉස්කෝලෙ ගාව ඉන්නෙ තියන්නම් "

" හා බබා"

කැබ් එකටත් සල්ලි දීල අපිඉස්කෝලෙට එද්දි හේසාන් පග මෙන්න සිරික්කි දාන් ඉන්නවා මූ මොකද සිරික්කිය දාන් ඉන්නෙ මමත් දත් ඔක්කොම විරිත්තලා හිනා උනාම මෙන්න මූ බය උනා වගේ වෙලා

හිමි අහිමිWhere stories live. Discover now