Chapter 03🍂

311 41 14
                                    

ශයියෝ ශයියෝ මටමයි වෙන්නෙ. අම්මලා අයියලා කියපු නිසා මිස්ටර් අලිපුපෙන් එක්ක බෙදාගෙන පූජා කරන්න ගියාට මොකද මටනං දැන්ම ඒ වැඩේ එපා උනා. ඇයි අනේ මහ වාහල්කඩෙන් ඇතුල් වෙලා උපරිම පඩි පහක් නැගලා ඇති ඕනනං. මං මෙතන මිනිස්සු ගොඩේ හිරවෙලා නිකං නෙමේ චූටි අයියා ගත්ත පිරිකර දෙකෙන් එකකුයි මල් වට්ටියයි තව කිරි ආහාර පාත්තරාවකුයිත් අත් වල තියාගෙන.

ම්හුම් අද සෙනසුරාදා නිසා සෙනගත් වැඩී අෆ්ෆා. ඇත්තමයි මට එන තරහක් උපන් බය නොතිබ්බානං දනී මං අර මිනිහට කරන දේ. ඇයි අනේ මං මේවා උස්සගෙන ඉන්න මෙයා මගෙ පිටිපස්සට වෙලා බොස් ඩැඩී වගේ ඉන්න . ඈ අනේ නිකං අත්දෙක සාක්කුවට දාගෙන ඉන්න වෙලා මේ පිරිකර ගත්තානං මොකද ඇගෙන් කෑල්ලක් යනවා කියල යෑ.

නිකංද අනේ මං මේකාට මිස්ටර් අලිපුපෙන් කියන්නෙ ඈ ඒයිලා. මං මේ සෙනග ගොඩේ හිර වෙලා පොඩි වෙලා මේ ටික පරිස්සම් කරගෙන තව මේ මිනිහා එක්ක එකතු වෙලා මේවා පූජා කරන්නයි එයා රජා මමයි අපේ රාජ්‍යයේ වගේ අත් දෙකත් සාක්කු වලට දාගෙන ඉදලා පූජා කරන පිනෙන් බාගයක් ගන්නයි. මන්දෝදරී ඔයා සදෙව්ට අසාධාරණයක් තමා කරනවා මේ මිනියා එක්ක පින බෙදාගන්න කියලා. ම්හ්ම් දැන්නං මගෙ අත් දෙකත් රිදෙනවා අයියෝ. ම්හුම් මොනා කරන්නද පූරුවේ පව් පඩිසන් දෙද්දී මේම තමා සදෙව් පුතේ ඉවසං ඉදපං මයෙ අම්මා.

අපේ අම්මලාටත් මොකද ඉතිං එයාලාගේ පුචෑ ඉන්නවනෙ. මාව කොහෙන් හරි අහුලගෙනනෙ ඇවිත් තියෙන්නෙ. ඒකනෙ කිසි ගානක් නැතුව මේ මිනිහා එක්ක මට එන්න කියලා එයාලා ගියෙ. අපෙ අප්පේ ඉතිං අපේ අම්මටත් එකේ ඉදන් එකට හිටපු තිලක්ෂන එක්ක විනාඩි පහක් හිටියොත් තමයි ලෝකෙම නැති පස්න අහ අහ මට වද දෙන්නෙ ඒකට මේ මිනිහා එක්ක මාව දාලා තුන්දෙනා ගියා ගියාමයි දැන් ආගිය අතක් නෑ නයිස් අනේ කියලා වැඩක් නෑ.. ම්හුම් නාකයෝ.

කෝමින් කෝම හරි හිරවෙලා පොඩි වෙලා මල් ටිකයි පිරිකරයි කිරි ආහාර පාත්‍රයයි සේරම ටික පරිස්සම් කරගෙන මල් ආසනෙ ළගට ගියාට පස්සේ මට ආයෙ යකා නැග්ගෙ මේ මිනිහා ඒ පාර මල් පූජා කරන්න එන්නෙ නැතුව ටිකක් එහාට වෙලා සුපුරුදු පරිදි අත් දෙක සාක්කු දෙකට දාගෙන බලාගෙන ඉන්න නිසා. ඇයි අනේ දැන් මං මේ මිස්ටර් අලිපුපෙන්ට බුලත් දෙන්න ඕනාද මේවා පූජා කරන්න එන්න කියලා. මේක මාර විකාරයක් උනානෙ.

SINDHAGANAWI 🍃Tempat cerita menjadi hidup. Temukan sekarang