Chapter 14🍂

178 24 16
                                    

"මොකද තවුසෙ.."

"ඇයි..."

"මොනාද තවුසෙ විරිත්තගෙන වීඩියෝ කරන්නෙ..."

"කියන්නෙ නෑ..."

"තවුසෙත් මා ඕන්නෑ හලෝ. සේරම එකයි."
අපේ මිනිහා කිව්ව වල් කතාවත් එක්ක මගෙ කට ඉබේම වැහිලා ගිහින් ලැජ්ජාව දෝරෙ ගලන්න පටන් ගද්දී කා' එක ලගට එනකම්ම මීක් සද්දයක් නොදාපු මගෙ කටට ආයෙ පණ ආවේ ෆෝන් එකේ කැම් එකත් අපේ පැත්තට දික් කරගෙන දත් සෙට් එකත් ඩිස්ප්ලේ දාගෙන අපිව වීඩියෝ කරන සදෙස් නිසා. ම්හුම් ඇත්තමයි මේකානං මා මොන එළහරකෙක්ද මන්දා අයියෝ හිනාවෙන හැටි විතරක් හිකනල් සදෙසා. උබර් මහ ඕන්නෑ ඕයි. ඒ මදිවට අනිත් අයටත් පෙන්නනවලු. ම්හුම් කරේ තියාගෙන එන එකනං කෝමහරි කියමුකෝ මේ මිනිහා මගෙ සූකිරි පස්ස පැත්තට ගුටි දෙන එකත් වීඩියෝ කරන්ද දන්ඤෑ හැබෑ සදෙස් පුම්තේ ඒම ඒකත් වීඩියෝ වෙලා තිබ්බොත්නං උබර්ගෙයි මගෙයි මස්සිනාකම් ඉවරයි හරිතේ. බූරූ මීහරක් හිකනල් සදෙසා. කලොත් කරන්නෙම බලු වැඩමයි. ම්හුම් දැන් මූ මේක ලංකාදීප පත්තරේ පළ කලා වගේ ගමටම කිව්වාම මං කෝමද අයියෝ සමාජෙට මූණ දෙන්නෙ. මුන් සේරම එකයි මාර හිකනල් මිනිස්සු තමා මුන්නං. ම්හුම් මේ ඔක්කොම මේ සදෙව් පුතාගේ අහිංසකකම නිසා තමා ඕම මගෙන් අයුතු ප්‍රයෝජන ගන්නෙ නැත්තං මකබෑවියං කියලා කිව්වාට පස්සෙත් මං අපේ මිනිහාට තාමත් ආදරේ කරන්නෙ නෑනෙ. නැද්ද ඒයිලා. සදෙස්ටත් රවන්න පුළුවන් උපරිමෙන්ම රවපු මං ඉක්මනටම ශටර් එක පැත්තට මූණ හරෝ ගත්තෙ මොනා කොහොම උනත් එයා කියපු කතාව මට ආයෙ ආයෙම මතක් වෙද්දී මගෙ ඇස්වල කදුළු අලුත් වෙන නිසා. එයාට එහෙම නොකියා ඉන්න තිබ්බා. අනිත් හැමදේම හා කියමුකො ඒත් මකබෑවියං කියන එක ඒ වචනෙ ගොඩක් බර වැඩී මහත්තයො ඔයා කේන්තියෙන් හරි කියපු ඒ වචනෙ මට මහගොඩක් බරයි ඒයි. කමක්නෑ මං ආදරෙයිනෙ.

උපරිම විනාඩියක් යන්න ඇති. මං ශටර් එක පැත්තට මූණ හරෝගෙන ඇස් වල පිරිලා තිබ්බ කදුලු වලට විනාඩියක් විතර යනකං ඔහේ යන්න දුන්නට තවත් එහෙම කරන්න බැරි උනේ අද අප්පච්චිලා එනවා නේද කියන එක මතක් වෙලා. ජෙමියනේ ජෙමියනේ අප්පච්චි එද්දී කොත්තුවක් ගේන්නං කිව්ව සිහියෙන් හිටියා මිසක් අප්පච්චිලා ආවොත් අනිවාර්යෙන්ම සුදු අයියයි සදෙසුයි දෙන්නා මල්ෂාන් ගැන එයාලාට කියයි කියලා ඇයි මට අමතක උනේ. ඇයි මට ඒ ගැන හිතන්න බැරි උනේ. ම්හුම් මං කැමැති නෑ මං නිසා අනිත් අය ප්‍රශ්න දාගන්නවාට. විශේෂයෙන්ම මේ වගේ පොඩි පොඩි දේවල් වලට. මල්ෂාන්ට මාත් එක්ක තියන තරහා මොකක්ද කියන්න මං දන්නේ නෑ තමයි. ඒත් ඒකට එයාට සාධාරණ හේතුවක් ඇති. ඒක හැමෝටම අසාධාරණයි වගේ පේන ඒත් එයාට විතරක් සාධාරණ හේතුවක් වෙන්නත් පුළුවන්. ඒ හේතුව මොකක් උනත් මමයි ඒක එයා එක්ක කතා කරලා විසඳගන්න ඕනා. අනිත් අය මට තියෙන ආදරේට ඒ ප්‍රශ්න වලට සම්බන්ධ උනත් එකෙන් වෙන්නෙත් මල්ෂාන්ගෙ හිතේ මං ගැන තියන තරහා වැඩිවෙන එක මිසක් අඩුවෙන එකනං නෙමේ.

SINDHAGANAWI 🍃Where stories live. Discover now