Chapter 07🍂

180 30 18
                                    

මං සුදු අයියා සදෙස් අයෝස් දිලේක් නිමේෂ් මල්ශාන් එයාගෙ යාලුවො දෙන්නා අපි හිටියේ කැෆටේරියා එකට යනගමන්. එතකොට සදීපුයි ත්‍රිලක්ෂණයිනං අපේ අයියාගේ ඕකේ එක අහන් ඉදලාම එපා වෙලාද කොහෙද ලන්ච් බ්‍රේක් එක දීපු ගමන්ම ටොයිලට් එකට දිව්වේ එයාලා එනකන් ඉන්නෙ නැතිව කැෆටේරියා එකට යන්න කියලා. මොකද එයාලා එනකං හිටායොත් අපිට කන්න වෙන්නෙ බිම ඉදගෙන තමයි. කලින් ගිහින් ටේබල් අල්ලනොගත්තොත් පරක්කුවෙලා එන අයට ඉඩ නෑ. ඉතිං ගොඩක් වෙලාවට පරක්කුවෙලා එන ළමයි පළාත් සභාවට යනවලු කෑම කන්න.

"මෙහෙ ලේක් එකකුත් තියනවද අයෝස්." මං දැනගෙන හිටියෙ නෑ මෙහෙ ලේක් එකක් තියනවා කියලා. ඇත්තටම මං ඒක දැනගත්තෙ මේ දැං. එකත් කැෆටේරියා එකට යන්න බහින්න තියන පොඩි පඩිපෙල ළග ගහලා තියන බෝඩ් එකෙන්. ම්හ්ම් අපේ හිකනල් පැටියා ඕම එකක් මට කිව්වේ නෑනෙ අෆ්ෆා. ම්හුම් නාකයා. කිඹුල් ඉන්නවද දන්නෑ ඒකෙ. අම්මෝ කිඹුල්ලු හිටියොත් ඔයා ඒම ඒ පැත්තට යන්න එපා සදෙව්. කවුද අනේ අනේ දන්නෙ අපි ලේක් එක බලන්න ගිය වෙලාවක කිඹුලා ගොඩට ඇවිත් අපිව හව් හව් ගාලා කෑවොත් ඒම නේද ඒයිලා.

"ම්ම් ලේක් එකක් විතරක් නෙමේ ඇත්තුත් ඉන්නවා මෙහෙ." අපෝ මේකානං මා බොරුකාරයෙක් අෆ්ෆා. ලේක් එක තියන එකනං ඇත්ත තමයි නැත්තං මේ බෝඩ් එකේ දාන්නෙ නෑනෙ. ඒත් ඇත්තු කෙහෙද අනේ මෙහෙ. මේ අයෝස් උබර්ට මාව ගොනාට අන්දවන්න බෑ හරිතේ. මේ සදෙව් එක්ක ඕවා වානා සැරියා.

"බොරු කියන්න එපා අයෝස්."

"බොරු නෙමෙයි චූටි. දළදා මාළිගාවට අයිති අලි මෙහෙ ඉන්නවා." මේකා ඒත් කියනවානෙ මේ ඇත්තු ඉන්නවා කියලා. අනේ අම්මපා උබර්ට මාව මොකෙක් වගේද පේන්නෙ අයෝස් මොකෙක් වගේද පේන්නෙ.

"අනේ විහිලු කරන්න එපා අයෝස් ම- " ම්හුම් මං අහන්න හැදුවේ මලිගාවෙ අලි මෙහෙ ඉන්නෙ මාලිගාවට ඒ තරම් ඉඩකඩ ප්‍රශ්නයක් තියනවද කියලා උනත් මට ඒක අහන්නෙ බැරි උනේ මගෙ ෆෝන් එක වයිබ්‍රේටර් වෙන්න ගත්ත නිසා. ම්හුම් නිදහසේ පස්නයක්වත් අහන්න දෙන්නෙ නෑනෙ අෆ්ෆා කරදර කරනවානෙ. මං වැදගත් පස්නයක්නෙ අෆ්ෆා අහන්න ගියෙ ඒකවත් අහන්න දුන්නෙ නෑ. මා නාකයො මෙයාලනං. කටත් ඇද කරගෙන කෝල් ගන්න කෙනාටත් හිතින් බනින ගමන් සාක්කුවේ තිබ්බ ෆෝන් එක අරගෙන කෝල් අයිඩී එක බලද්දීනං මගෙ ඇදවෙච්ච කට හිනාවකට පෙරලුනා. දෙයියනේ අප්පච්චි. දැන්නං ඇත්තමයි අද දවසෙම තිබ්බ පස්න ටික වාස්ප උනා වගේ. මං හැමදාම කියන්නේ මගෙ අම්මාට වැඩිය සමහර වෙලාවට අප්පච්චි මාව තේරුම් ගන්නවා වැඩී. අම්මා අප්පච්චි අයියලා අක්කා මට ප්‍රශ්නයක් වෙන වෙලාවට මං කියන්නෙ එයාලාට. ඔහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා ඒ ගොඩේ මගෙ නැන්දම්මාත් ඉන්නවා. ම්හ්ම් වැරදියට හිතන්න එපා අනේ ඒ මගෙ අප්පච්චිගෙ නංගි. එයාට මං කියන්නෙ නැන්දම්මා. මේ පවුල් වල හැටි එහෙමයි. නැන්දාට අපි කියන්නෙ නැන්දම්මා මාමාට අපි කියන්නෙ මාමණ්ඩි.පවුලට ගැළපෙන නෑකම් තියන නැන්දලාටත් අපි කියන්නෙ නැන්දම්මේ කියලා. කොච්චර පවුලට ළග නෑයෙක් උනත් පවුලට ගැළපෙන්නෙ නැත්තං එයාලාට නැන්දෙ මාමා කියලා කියන්න කවුරුත් අපිට කියන්න ඕනා නෑ ඒක අපිට නිකම්ම කියවෙනවා. සමහර විට ඒක උපතින්ම එන දෙයක් වෙන්න ඇති. ඒත් ඒ අයට අපි වෙනස්කම්නං කරන්නෙ නෑ. මං එහෙම කරන්න කැමැතිත් නෑ.

SINDHAGANAWI 🍃Where stories live. Discover now