006 කොටස

143 24 26
                                    


විසල්ගේ කාමරෙන් මන් ආයෙත් මගේ කාමරේට ආවා.. රූමා කියන එකා අද දවල් ෆ්‍රී කියලා කියුවා.. ඌ කොහේ හරි ගිහින්.. ලකියා රෑට කොහොමත් නෑ ඌ වැඩ නේ..ඌ හිටියත් නෑ වගේ තමයි ඒත් ඌ ඉද්දි මට තනියක් නෑ.

ෆ්බී එකේ උඩ පහළ ගිහින් ඇති උනාට පස්සේ මන් වට්සැප් එකට ආවා.. එක එක ගෲප් වල මැසේජ් කෑල්ලගේ ඒවා තව ටෝක් කරන කෑලි දෙක තුනක් දාපු මැසේජ් විතරයි.. වැඩක් ඇති දෙයක් තිබ්බෙ නැත්තෙමත් නෑ ඒත් මට වැඩක් උන්නෑ.. ගැලරිය ඕපන් කරලා ඒක වටේ ගියත් ඒක පිරිලා තිබුනෙම මන් හවස් වරුවට ගන්න වළාකුලු වලින්..

නිදාගන්න ඕන උනාට නින්ද යන්නෙත් නෑ.. ඇදේ පෙරළි පෙරළි ඉදලා මන් ලැප් එක අරන් ෆිල්ම් එකක් දාගත්තා.. ලෝඩ් ඔෆ් ද රින්ග්.. කී වෙනි වතාවටද බලන්නේ කියලා මට මතකත් නැති ෆිල්ම් මේවා.. මොනවා උනත් ඩිරෙක්ටර් කාරයට පිං දෙන්න ඕන.. මේ තරම් ෆැන්ටසියක් ගැහුවට..

" ජානූ... ජානූ.. "


ලැප් එක බඩ උඩ.. හොඳ වෙලාවට ඒක රැදිලා තියෙනවා.. මන් ඇහැරුනේ විසල්ගේ කටහඬට.. ඌ මන් ළග වාඩි වෙලා.. ෆිල්ම් එක බල බල ඉද්දිම මට නින්ද ගිහිල්ලා. මේසේ උඩ තිබ්බ පොඩි ඔරලෝසු කට්ට අරන් වෙලාව බැලුවා.. නවයත් වෙලා.. මන් ඇයි අහන්න විසල් දිහා බැලුව..ඌ අර උගේ දත් සේරම පේන හිනාව දැම්මා..

" තසී ආවා.. නානගේ කොත්තුවකුත් අරන් ඇවිත්.. ඔයත් එන්න පොඩ්ඩෝ.. "

නානගේ.. විසල් මහ අමුතු එකෙක්.. මට හිතාගන්න බෑ ඌ මොන වගේ චරිතයක් ද කියලා.. ඌ මට එන්න කියලා එළියට යද්දි මන් තව ටිකක් හාන්සි වෙලා ඉදලා ඇදෙන් නැගිටල ආවා.. අද මොකක් හරි විශේශයක්වත් මුන් පාටි දාන්නේ.. අනුන්ගේ පාටියක මැදට පනින එක හරි නෑනේ.. මන් අමාරුවෙන් එතනට ගියේ.. යන එකත් හරි නෑ වගේ අඩුගානේ මට විසල්ගෙන් අහන්න තිබ්බා අද මොකද ස්පෙශල් කියලා. නැත්නම් මුන් වෙනදටත් මෙහෙමද දන්නෑ.. මන් ආවේ රෑ දොළහ එක උනාමනේ..

" ආහ්.. වරෙන් පොඩ්ඩෝ.. මැනේජර් කාරයා උබේ ගුණ වයනවා අන්න.. උබ ගුලියක්වත් ඇඹරුවද ඌට.. මට ස්තූතිත් කරා.. "

තසී පොඩි වීදුරු කප් හතරක් තියලා හැදුවා.. කොත්තුව දිගෑරලා ස්ප්‍රයිට් එකකුයි කෝලා ලීටරේ බෝතලේකුත් එක්ක මැද අජිත් ගෙනාපු බෝතලේ..

WHO I AM 🔞Where stories live. Discover now