011 කොටස

122 17 74
                                    

.
.

මැඩම් දිගටම මොනවද කියවනවා... නින්ද යාගෙන එද්දි එහා පැත්තේ ඉදපු එකා මට වැළමිටෙන් ඇන්නා..

හඃ.. අමුතුවෙන් හිතන්න දෙයක් නෑ.. මන් අරූ ගාවට ගියේ නෑ.. මන් වාඩි උනේ මන් කලින් වාඩි උන තැනින්මයි..

" ජානුල.. සෙනුත් ඔයාගේ යාලුවෙක් නේද ? "

පොඩි ඇක්ටිවිටි එකක් දීලා මැඩම් එළියට ගියා.ඔය වෙලාව් මගේ පේළියෙම එහා පැත්තේ හිටිය සුදු කෙල්ලෙක්.. ඒකි ඇහෙන් සංසයව පෙන්නුවා.. මුන් දන්නවනම් උගේ ගොං ගතිය ලොවෙත් ඔහොම අහන්නෑ..!

" ඇයි.. සෙට් කරගන්න ද ? "

මන් ගණන් නොගෙන අහද්දි ඒකිගේ මූන සම්පූර්නෙන්ම රතු උනා.. ඒ කෙල්ලට එහා පැත්තේ හිටපු කෙල්ලත් චිරි චිරි හිනාවක් දැම්මා....

" මොකක්ද ජානු.. නිකන් ඇහුවේ අනේ.. "


අමෝර්.. මේකි මට ජානුලු.. සුදු කෙල්ල හිනා වෙලා ඇඹරිලා කියුවම මන් මගේ සුපුරුදු බැල්මම දාගෙන හිටියා.. උන් කියන හැම එකටම හිනා වෙන්න මට මරි මෝංගල් නෑ.. අනිත් එක ඒකිට.. හොඳ බෝල පපුවක් තිබ්බේ නෑ.. ජානුලට ඒ ගාණ සෙට් නෑ.. ඒක නිසා මන් ඒකිව වැඩිය ගණන් ගත්තේ නෑ.. උන් දන්නෑ මන් උන්ගේ ඔය ඇඹරිලි වලට අහු වෙන්නෑ කියලා.. මන් දන්නවා බඩු කෑලි දාන ඇඹරිලි..


" එයා වෙන කාත් එක්කවත් කතා කරන්නෑනේ ජානු.. ඔයා එක්ක විතරයි කතා කරන්නේ.. "


ආයෙත් ඒකි මාව කතාවට අල්ලගන්න.. මන් ඔලුව වැනුවා.. ඌ මාත් එක්ක විතරක් කතා කරන්නේ ඌ මගේ සහයක ඩැනී.. මන් තමයි උගේ ස්වාමියා.. ඌ මගේ ඩොබී.. ඉතින්.. ඌ වෙන එකෙක් එක්ක කතා කරොත් උගේ පොශ් මීටර් ගතිය නැති වෙලා අමු ගවයා එලියට එනවා.. මුන්ට ඒක පොඩ්ඩක් උදෙන් ආවානම් පඬිපෙළ ළගදි බලාගන්න තිබ්බා.. ණිඣි නැචිජ ඔබ.! අම්මපා මතක් වෙද්දිත් මට සංසයගේ කණ පුරෝවලා එකක් දෙන්න හිතෙනවා.. ගොං යකා..


" එයාට Gf කෙනෙක් ඉන්නවද ජානු.. "

මුන් මට ඉගෙන ගන්න දෙන්නෑනේ.. මන් ආවේ කපුකම් කරන්න නෙවෙයි.. මෙච්චර දුක් විඳගෙන මේකේ ලැග ගෙන ඉන්නේ අරූගේ ජාතකේ හොයන්නද.. සංසයා තෝ නම් මාව පතන් ආපු කරුමයක්.. තෝ ඉස්සරහා ඉදලවත් මට ගැලවීමක් නෑනේ.. රෙද්ද..

WHO I AM 🔞Where stories live. Discover now