~2~

213 34 44
                                    

ටිකක් වෙලා ඇලවෙලා ඉඳලා මන් නැගිට්ටෙ වොශ් එකක් දාගන්න ඕන නිසා...fresh උනාම මනසට උනත් යම්තාක් දුරකට සැහැල්ලුවක් දැනෙනව..බාත් රූම් එකත් කාමරේට ඇටෑජ් කරලා තියෙන එක ඇත්තටම මට සැහැල්ලුවක්..එතකොට මට කාමරේ ඇතුළටම වෙලා ඉන්න පුලුවන්නෙ..එතකොට හිත් රිදවීම් වෙන්න තියෙන ඉඩකඩ වැඩී..මන් එද්දිම පහළ හිටියෙ වෙන කවුරුවත් නෙවේ..අපේ තාත්තගෙ වයිෆ්..හ්ම්ම්..නෑකමට අනුව මගෙ stepmother...එයා අපේ අම්මගෙ හොඳම යාලුවලු..අම්මා නැතිවුනාට පස්සෙ තාත්තා එයාව කසාඳ බැදලා..ගොඩක් අය කියන්නෙනම් එයාලා අම්මා ඉන්න කාලෙදි පවා සම්බන්ධෙක ඉඳල කියලා..තාත්තා එයා කියන ඕනම දෙයක් පිළිගන්නව..එයාලට මාව ඇත්තටම මේ ගෙදරටවත් අදාළ කෙනෙක් නෙවේ..මන් මෙහෙම හරි මෙහෙ ඉන්න හේතුව අම්මා මැරෙන්න කළින් මේ දේවල්වලින් කොටසක් මට අයිතිවෙන්න ඕනි කියලා අන්තිම කැමති පත්‍රෙ ලියලා..හරියට එයා වෙන්න තියෙන දේවල් කළින් ඉඳන්ම දැනන් ඉඳලා වගේ..

මන් විතරක් නෙවේ..තාත්තට තව පුතෙක් ඉන්නව..අහ්..ඒ කියන්නෙ මට අයියා කෙනෙක්..එයානම් ඉන්නෙ මෙහෙ නෙවේ..වෙනම අපාර්ට්මන්ට් එකක..එයාට මාව පොඩ්ඩක්වත් පේන්න බැහැ..එයා මට වෛර කරනව..එයාට ඒකට සාධාරණ හේතුවක් තියෙනව...මමයි එයාට එයාගෙ අම්මව නැති කළේ..ඔව්..මන් ඉපදෙද්දිම තමා අම්මට මේ ලෝකෙ දාලා යන්න වෙලා තියෙන්නෙ..ඒ තරමට මන් මහ අවාසනාවක්..ඒ නිසාමයි මන් කවදාවත් මගෙ උපන්දිනේ සමරන්නෙ නැත්තෙ..ඒක මට කොහෙත්ම ලස්සන දවසක් නෙවේ..මට කිසිම දෙයක් ලස්සන දේවල් නෙවේ..මන් මෙහෙදි පොඩ්ඩක්වත් සතුටෙන් නෙවේ ඉන්නෙ..ගෙදර කියන්නෙම මට මහ අවුල් ජාලාවක් විතරයි..එහෙමයි කියලා මන් නිතරම මූඩ් ගහගෙන ඉන්නෙ නැහැ..ඉස්කෝලෙදි මාව දකින ඕනම කෙනෙක් හිතන්නෙ කිසිම ප්‍රශ්නයක් නැතුව හෙන සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක් කියල..ඒත් පිටින් පෙන්නන කෙනා නෙවේ ඇතුළෙන් ඉන්නෙ..මෙහෙමයි..ජීවිතේ ප්‍රශ්න ප්‍රශ්න කියලා ඒකෙම වැළලිලා ඉන්නකොට වටේ ඉන්න අයටත් මාව ප්‍රශ්නයක් වගේ පේන්න පුලුවන්..ඊටත් වඩා මන් මගෙ ජීවිතේ උපරිමෙන්ම විඳින්න ඕන කාලෙ ඒ දේවල් ගැන හිත හිත විඳවන්න තියාගත්තොත් අන්තිමට මන් නිකම් බොරුවට මානසිකව වැටිලා ලෙඩවෙයි..අනිත් අය පුරුදු විදියටම එයාලගෙ ජීවිතේ ඉස්සරහට ගෙනියයි..

1'st Person~ || TK Nonfiction ||Where stories live. Discover now