~4~

176 26 76
                                    

@Maheesh's pov

අද ආර්ට් පීරියඩ් එක ගැනනම් කතා කරලා වැඩක් නැහැ..හැමදාමත් වගේ අදත් ඒක මහ අසහනකාරී පීරියඩ් එකක් උනා..මගෙ ඉස්සරහ හිටිය වල් සතා..ඌ ඉඳන් කොයිවෙලෙත් පුටුව පස්සට අදින එකමයි කරන්නෙ..ඕකට අසහනේ..‍! හොඳට පේනව පිටිපස්සෙ තව එකෙක් වාඩිවෙලා ඉන්නව කියලා..ඌ මගෙන් ආතල් ගන්න..! වැරදි එකා එක්ක ඌ ඔය හැප්පෙන්න හදන්නෙ..අරූ කවකට්ටෙන් ආකාෂ් අයියගෙ අහවල් එකට ඇනලා උගෙ අනාගතේ අඳුරු කරනවනම් මන් ඕල්වේයිස් හිට් ඩිෆරන්ට් නිසා වෙනම මගුලක් මට කරන්න වෙයි..‍‍! ඇට සම්බන්ධ හු#තක් කරනව..කොහොමත් මටයි ඇටවලටයි තියෙන්නෙ ආත්මීය බැඳීමක්නෙ..කොච්චර ඒ බැඳීම් වැඩියිද කියනවනම් මුන් මට ඇටයා කියල කැ# නික්නේම් එකකුත් දාලා තියෙන්නෙ...

ඒකෙ පසුබිම් කතාව ගත්තොත් මෙහෙමයි..මන් ඒ කාලෙ ඉඳන්ම ඉන්ටර්වල් එකට කන්න ගේන්නෙ ඇට ජාති විතරයි..ඒ හින්දා තමා මේ පගා මට ඇටයා ඇටයා ගාන්නෙ..උටත් තියනව ඒවගේම පසු බිම් සීන් එකක් මන් උට සුනඛයා කියන එකට..දවසක්  ඔය පගයා චිකන් ලෙග් දෙක තුනක් ගෙනාවා හොඳට ෆ්‍රයි කරපු..අහම්..අපිට ඉතින් එහෙම සල්ලි නැහැනෙ..හරි..කොහොමහරි ඕකා ඉන්ටර්වල් එකට කළින් ඉඳන්ම ඒක කන්න මාන බල බල හිටියෙ..වැඩේ හරිගියෙ නැහැ..පස්සෙ මට චූ බරක් ඇවිල්ලා එහෙම්මම අපේ යුගියටත් චූ බරක් ආව නිසා අපි දෙන්නා ගියා චූ දාන්න..එද්දි මේ පගයත් නැහැ අර ලෙග් ටිකත් නැහැ..පස්සෙ මන් උට හිතින්ම බැන බැන පුටුවෙ වාඩිවෙන්න් හැදුවත් බල්ලෙක් වගේ එකෙක් කකුළෙ වැදුන නිසා යටි ගියෙන් කෑගැහුවා..නෙවේ කෑගැහුණා..! බැලිත්නම් ඒ මගෙ මෝඩ පගා..

ඌ බල්ලෙක් වගේ ඩෙස්ක් එක යට ඉඳන් හෙන වනචාරී විදියට චිකන් අණ්ඩ කකා හිටියා..එදා ඉදන් ඌ බල්ලා..බල්ලා කියන එක සෙට් නැති නිසා ඉතින් සුනඛයා කියනවා..ඔන්න ඔහොම තමා අපේ ඇටසුනඛ ලව් එක ඉදිරියට ගලාගෙන ගලාගෙන ගිහින් තාමත් ගලාගෙන යන්නෙ..

" ඇටයෝ! අර බලපන් යකෝ...!!"

අපි වෙනදා වගේ බස් එක එනකම් අතන කකුළ් ගෙවෙනකම් හිටන් ඉද්දි මේ පගා මොකක්ද මන්දා ලෝක පුදුමයක් දැක්කා වගේ කන ළඟ ඉඳන් කෑගහන්න ගත්තා..ඌ මට වඩා ටිකක් උස හින්දා ඕකා ඉස්සිලා කෑගහපු පාර තව පොඩ්ඩෙන් මන් විසික් වෙලා යනව...මෝඩ පගා..

1'st Person~ || TK Nonfiction ||Where stories live. Discover now