~14~

145 16 64
                                    

වෙලාව..!! පහයි කාලයි..! යන්තම් අද ඉක්මනට ඇහැරෙන්න පුලුවන් උනා..! තව ටිකක් පරක්කු උනානම් අර සුනඛයගෙ ජාතික රැප් එක අහගෙන ඉන්න එපැයි...ඌ නම් ඉතින් අර කවුද එකා වගේ උදෙන්ම අපේ ගේට්ටුව ඉස්සරහටත් ඇවිල්ල...

" ගුඩ් මෝනින් මචෝ..."

" මෝනින් මෝනින්..උබට අද එදා මට කරපු කැ# වැඩේට රිටර්න් එක හම්බවෙනව..."

" මොන...!?"

" තෝ එදා චෙස් ඉඳලා මට තනියෙන් බස් එකේ යන්න උනේ..."

" ඉතින්..? ඉන්න..! අද උබ ආෆ්ටර් ස්කූල්ද..!?"

" මන් දන්නෙත් ඊයෙ..අර ලබ්බෙ ගෲප් එකේ මහ රෑට යක්කු ගස් නගින වෙලාවෙ මැසේජ් එකක් දාල හෙට ඔයාලට ප්‍රැක්ටිස් යැයි යැයි යැයි කියලා...හු#ත..බලපන්...අද නිවාඩු දවසෙ ගෙදර ඇවිල්ලා ටිකක් නින්දක් දාන්න කියල හිතන් හිටිය මන්..."

" අනේ මන් නොදන්න උබේ නින්ද..බොරුවට රෑට නිදි මරලා මරලා දවසෙම බැලුවොත් කිරනවනෙ..."

" මොකක්ද හු#තො වෙලා තියෙන්නෙ...උබ ඔය කවද ඉඳන්ද අර යකා විදියට කතා කරන්න ගත්තෙ..."

" මොන යකා..???"

මන් හොඳටම දන්නව මූ මේ කියන්නෙ කවුරු ගැනද කියලා...ඒ උනාට දන්නැද්ද ඉතින්..ආයෙ සුනඛයෙක් අවුස්සල ගන්න පුලුවන් ලේසි පහසු ආතල් එකක්ද.!

" වෙන කවුද ඉතින්..! මන් කියන්නෙ ඉවෝන් ගැන මිනිහො...! "

" ආ..ආකාෂ් අයිය ගැනද කිවුවෙ..."

" බලපන් උදේ පාන්දරම මතක් කළා එකෙක්ව...දවසම ඉවරයිනෙ...! මන් යනව...එනවනම් වරෙන් තෝ..."

යකෝ...මුට මොකක්ද ඒ එකපාරටම උනේ...මන් මුට නගින්න තරම් දෙයක් කිවුවද...නෑනෙ..? ඌම ආකාෂ් අයියව මතක් කරල මෙතන ඌම ඉඳන් අහක හිටිය මටත් බැනගෙන කවුද එකා වගේ එතනින් ගියා...මාත් ඉතින් අර මොකාද එකා වගේ උගෙ පස්සෙන් ගියා...ඇත්තටම මුට ඔච්චරටම මොකක්ද ආකාෂ් අයියා එක්ක තියෙන අවුල කියල ඇත්තටම හිතාගන්න බැහැ...උට තේව් අයියා එක්කවත් එහාන් අයිය එක්කවත් කිසි ප්‍රශ්නයක් නැහැ...නිතරම එල්ලෙන්න යන්නෙ ආකාෂ් අයියා එක්කමනෙ...ටිකකින් බස් එක ආව නිසා වෙනදා වගේම ඒකට නැගලා අපි චැටක් දාගෙන හිටියෙ...ආකාෂ් අයියා ටිකකින් බස් එකට නැග්ගා...ඌ මාත් එක්ක හිනා උනා..ඉතින් මාත් ඌත් එක්ක හිනා වුනා...ඒකට මගෙ එහා පැත්තට වෙලා ඉන්න එකා...ඌ හිනා වෙන්න තියා ඒ පැත්ත බැලුවෙවත් නැහැ...මහ මොකෙක්ද මන්දා අපේ එකත් එක අතකට...

1'st Person~ || TK Nonfiction ||Where stories live. Discover now