~7~

188 21 61
                                    


" ඕයි රුහාන්..අද ට්‍රාන්ස්පෝට් එක මෙයාලා ගානෙ කියල කියන්නෙ...."

මොක කිවුවා..ට්‍රාන්ස්පෝට් එක මෙයාලා ගානෙ..මුන් අපිට ට්‍රාන්ස්පෝට් දෙන්න තරම් හිතවත් උනේ කවද ඉඳන්ද..මහියා එහෙම කිවුවට පස්සෙ මන් දැක්කා එහාන් අයියයි දිගංචියයි දෙන්නා මූනට මූන බලාගන්නව..ඒ කියන්නෙ මේක මුන් දෙන්නවත් නොදන්න තේව් අයියා විතරක් දන්න එයාගෙ තනි තීරණයක්...කමක් නෑ..තේව් අයියනෙ ට්‍රාන්ස්පෝට් එක දෙන්නෙ..ඒකට මේ දිගංචියා එක්ක මට තියෙන පරණ ඇරියස් අරවා මේවා අදාළ වෙන්නෙ නැහැනෙ..

" උබලා දෙන්නා ඔක්කොම පොත් ටික ගත්තනෙ..!?"

" ප#ක් කියනවා..මේ..පේනවනෙ..!!! එතන තිබ්බ එකම පොත...!"

දිගංචියා එහෙම කියලා තේව් අයියට මාව පෙන්නුවා..ඇත්තටම කිවුවොත් මාව නෙවේ..මගෙ අතේ තිබ්බ පොත පෙන්නුවෙ..ආ..ඒ කියන්නෙ මේ පොත මුට නෙවේ තේව් අයියට..ඒත් මන් බැලුව මූ මේ වගේ පොත් කියවන්න ගත්තෙ කවද ඉඳන්ද කියලා..කිසිම රසාස්වාදයක් කියලා එකක් ගෑවිලාවත් තියෙන මිනිහෙක් ඈ ඔය..ඕකා දන්නෙ බෝල ගහන්නයි බොරුවට එල්ලෙන්නයි විතරයි..ආසාවට පොතක්වත් කියවන එකෙක් ඈ..

" රුහාන්...අයියගෙ පොත් වගයක් ගන්න කිවුව නේද..ඕක විතරද මෙච්චර පැය බාගයක් තිස්සෙ හෙවුවෙ..යකෝ..! මෙච්චර වෙලා මෙතන මන් ඉඳගෙන හිටියෙ මොන ලබ්බකටද කියහන්කො එහෙනම්..!"

" නෑ බන් ඒවා ඉවරවෙලාලු.."

" හු#ත..යකෝ එහෙම ඉවරවෙනවද බන් පොත්..අනික සේරම.."

" ඔයාලගෙ ගන්න තියෙන ඒවා ඔක්කොම දැන් අරන්නම් යන්ද ඉස්සරහට..වාහනේ ඇවිල්ල ඇති.."

අපි කට්ටියම..මායි මහියයි තේව් අයියයි එහාන් අයියයි එතකොට අර දිගංචියයි ඔක්කොම යද්දි එවෙලෙම වගේ වාහනෙත් ආවා..තේව් අයියා ඉස්සරහට නැග්ගා වාහනේ ළඟට ආපු ගමන්.ඔව් ඉතින් උගෙනෙ වාහනේ..ඉන්න!..දැන් කොහොමද හතර දෙනෙක් පිටිපස්සෙ යන්නෙ..

" එකෙක්ට දැන් කාගෙහරි ඔඩොක්කුවෙ යන්න වෙයි වගේ.."

එහෙම කියලා එහාන් අයියා වාහනෙට නැග්ගා..කපටිමත් නැහැ මේ මනුස්සයා..උට දැන් සැපේ යන්න පුලුවන්..අපි තමා..!..ඊටපස්සෙ දිගංචියත් ගිහින් වාඩිවුනාට පස්සෙ මන් මහියව ඔඩොක්කුවට අරන් වාඩිවුනා..වෙලාවට මෙතන ගූපාලි නැත්තෙ..නැත්තන් එයා වෙන වෙන මගුල් හිතනවනෙ..මට අර මොකක්ද සයිඩ් එකෙන් පේනවා දිගංචියා මන් දිහා බලන් ඉන්නව වගේ..මන් දිහාද නැත්තන් මහියා දිහාද දන්නැහැ..නෑ නෑ..ඌ මොන හු#තකට මහියා දිහා බලාගෙන ඉන්නෙ..

1'st Person~ || TK Nonfiction ||Where stories live. Discover now