~9~

150 19 47
                                    

විහස්ටත් ඉතින් මොකෝ..ඌත් හා කියලා කෙළින්ම කාර් එකට නැග්ගා..පගයා..මාත් උගෙ එහාපැත්තෙන් වාඩිවුනා...තේව් අයියා සුපුරුදු විදියට ඉස්සරහින් වාඩිවුනා...

" මොකක්ද බන් මේ..! මළවුන්ගෙ ලෝකෙ වගේ එක්කෙනෙක්වත් කතා කරන්නැත්තෙ.."

" ඉතින් තෝ කතා කරන්න පටන්ගනින්..එතනින් එහාට මාත් කන්ටිනියු කරන් යන්නම්..!"

" ඔය දෙන්නා දැන් ආර්ට් ට්‍රිප් එක එනවද.."

" නැත්තන්..අනිවා එනවා..මහී..උබත් එනවනේහ්..?"

" අර පගා යනවනම් එනවා..බෑ බන් මල පාන්දර තනියෙන් ඇහැරන් එන්න..."

" විකාර නොකර දෙන්නම එනව..ඒක ඔයාලට වැදගත් චාන්ස් එකක්.."

" අනේ මේ..ප්ලීස් අධ්‍යාපනික දේවල්නම් මෙතනට ඇදලා ගන්න එපා.."

විහස් පගයි එයාගෙ අධ්‍යාපනෙයි...මුට ඕන මැත්ස් කරන්නලු ඒලෙවල්වලට..යසම යසයි..මට නුදුරු අනාගතයෙ දවසක් මැවිලා පේනවා..දැන් ඔය මගුල් ට්‍රිප් එකේ පන්ති ඔක්කොම එකට පටවලා සාඩින් පැක් කරන්නද දන්නෑ හිතන් ඉන්නෙ..

" දැන් එදාට අපි ඔක්කොම එක බස් එකේද යන්නෙ.."

" නෑ..ආට් අය ගොඩක් ඉන්න නිසා බස් දෙකකටවත් යයි..හැබැයි මන් දන්න විදියට A B C D E අය එකට..දහය එකොළහ ඔක්කොම..ඒ පන්තිවල ආර්ට් කරන අය කොහොමත් අඩුයිනෙ ගොඩක් උන් ලිට් කරන හින්දා..අනිත් පන්ති දෙකේ දහය එකොළහ උන් ඔක්කොම එකක.."

" හරි ඉතින්..ඒක තමා හිවලො ඇහුවෙ අපි එකකද කියලා..කොහොමත් දැන් දහය එකොළහ දෙකේම F එක එකකනෙ..."

" මොකා..හිවලා..! මොකක්ද ඕකෙ තේරුම ඇත්තට..උඹට මාව හිවලෙක් වගේද පේන්නෙ..!"

" එහෙම්මමත් නෑ..හැබැයි නැත්තෙමත් නෑ.."

විහස් මඟින් බැස්සා..පස්සෙ ඉතුරුවුනේ තේව් අයියයි මායි ඩ්‍රයිවර් අන්කලුයි විතරයි..අනේ ඉතින් ඒ මනුස්සයත් නෝ කතා නෝ සිනා..හෙනට කම්මැළී..හැබැයි ටිකකින් තේව් අයියා කතා කරන්න ගත්තා..ඒ නිසා වෙලාව යනව දැනුණෙවත් නෑ..කතාවෙන් කතාව අපි ගෙවල් ළඟටම ඇවිත්...අද තේව් අයියා හුඟක් කතා කළා..වෙනදට සාපේක්ෂව..මුන් තුන්දෙනා ගත්තොත් සාමාන්‍යයෙන් අනිත් එවුන් දෙන්නට සාපේක්ෂව තේව් අයියා කතා කරනව අඩුයි..ඒකට අද..මේ මිනිහම තමා වැඩිපුරම කියෙවුවෙ...කමක් නෑ..නිකම් අර හෙන සීන් එකෙන් ඉන්නවට වඩා ඕම ඉන්න එක දහස්ගුණයක් හොඳයි..නැත්තන් මට මල පැන්නොත් මන් මුට මොනා කරයිද දන්නෑ..ඉස්සර මුගෙ අලි ඔලුව හින්දමයි මට මේකව දිරෙවුවෙම නැත්තෙ...

1'st Person~ || TK Nonfiction ||Where stories live. Discover now